Thursday, January 23, 2025

TID ය තමාව බියවැද්දීම සදහා ප්‍රශ්න කළ බවට උතුරේ මාධ්‍යවේදියෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක්

Must read

34 හැවිරිදි  සින්නරාසා සිවනේතිරන් නිදහස් මාධ්‍යවේදියෙකු හා වෘත්තියෙන් ගුරුවරයෙකු වේ. පසුගිය පෙබරවාරි මාසයේදී  කිලිනොච්චියේ  ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා විසින් සින්නරාසා සිවනේතිරන්ට ප්‍රශ්න කිරීම සදහා එම දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය වෙත මාර්තු 04 වනදා  කැදවා ඇති බවට දැනුම්දීමක් කර තිබේ. මෙම දැනුම්දීම සිංහල භාෂාවෙන් ලබාදී ඇත. ඒ අනුව සින්නරාසා සිවනේතිරන් කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන ඒකකය විසින් පැය තුනහමාරකටත් අධික කාලයක් ප්‍රශ්න කිරීමකට ලක්කර ඇති ඇති බව වාර්තා වේ. සින්නරාසා වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතර ඔහු කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රජයේ පාසලක උගැන්වීමේ කටයුතු වල නිරතවී සිටියි.  නිදහස් මාධ්‍යෙව්දියෙකු ලෙස දමිළ මාධ්‍ය කීහිපයකට ඔහු ලිපි සපයයි.  පසුගිය යුද සමය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ 2008 පළකළ අදහසක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ ප්‍රශ්න කිරීමට ආසන්න හේතුව බව වාර්තා වේ. සින්නරාසා සිවනේතිරන්ගේ සොහොයුරෙකු  යුද්ධය පැවති කාලයේදී අතුරුදහන්වී තිබේ.
තමා කිසිදු අපරාධයක් කර නොමැති බවත්, මෙම කැඳවීම ඔහුගේ සාමාන්‍ය ජීවිතය බිය ගැන්වීමේ ක්‍රියාවක් බවත් පවසමින් සිවනේතිරන් විසින්  මෙම කැඳවීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article