Monday, January 13, 2025

SAG2019 – නිලානි, හිමාෂ, අමාෂා සහ ලක්ෂිකාගෙන් මළල ක්‍රීඩා පදක්කම්

Must read

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගත් දෙවැනි පදක්කම දිනා ගන්නට හිමාෂ එ්ෂාන් සමත් වුනේ මීටර් 100 ඉසව්වෙන් රිදි පදක්කම ජයග්‍රහණය කරමිනි. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ ඔහු දෙවැනි වුනේ නේපාල ක්‍රීඩකයෙකුටයි.

මීටර් 100 කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ අමාෂා ද සිල්වා එහි දී රිදි පදක්කම දිනා ගන්නා විට ලක්ෂිකා සුගන්ධි ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඉසව්වේ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

නිලානි රන් පදක්කමින් වැඩ අල්ලයි

SAG සඳහා සහභාගී වූ නිලානි රත්නායක මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට අද (03) උදෑසන සමත් වුනා.

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන මීටර් 1500 කාන්තා ඉසව්ව සඳහා ඇය සහභාගී වූයේ ගයන්තිකා අබේරත්න සමඟින්. තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය විසින් ලබා ගත් පළමු රන් පදක්කම මෙය වන අතර ඇය ඒ සඳහා ඇය ගත කාලය මිනිත්තු 04:34.34කි. ගයන්තිකා ඉසව්ව නිමා කළේ සිව්වැන්නා ලෙසයි.

නිලානි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික ශූරිය වන අතර මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ඉසව්ව සඳහා ද ඇය සහභාගී වීමට නියමිතයි.

මෙවර SAG සඳහා ඇගේ සහභාගීත්වය ශ්‍රී ලංකාවට පදක්කම් උරුම කර දීම සඳහා සිදු වූවක් ලෙස සඳහන් කළ හැක්කේ, SAG තරගාවලිය සඳහා වන අවසන් තෝරා ගැනීමේ තරගාවලියේ ඇයගේ දක්ෂතා මීටර් 5000 සඳහා ප්‍රමාණවත් නොවූ නමුත් දිගු දුර ධාවන ක්‍රීඩිකා හිරුණි විජයරත්න ඇයගේ අවස්ථාව නිලානි ලබා දෙනු ලැබීය.

ඒ අනුව මීටර් 5000 ඉසව්ව සඳහා නේපාලයට ගිය ඇයට මීටර් 1500 ඉසව්ව සඳහා අවස්ථාව ලැබුණේ, පසුගිය දා අවාසනාවන්ත ලෙස රිය අනතුරකට මුහුණ දුන් නිමාලි ලියනආරච්චි වෙනුවට ඇය මෙම ඉසව්ව සඳහා ආදේශ කිරීම නිසාවෙනි.

මීටර් 1500 පිරිමි ඉසව්ව ද අද උදෑසන පැවති අතර එහි දී ගියවර SAG තරගාවලියේ රිදි පදක්කම දිනූ කුපුන් කුෂාන්ත 5 වැනි ස්ථානයෙන් තරගය අවසන් කළේය. ඔහු සමඟ එම ඉසව්වට සහභාගී වූ අනෙක් ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන සංජීව ලක්මාල් 4 වැනියා ලෙස ඉසව්ව අවසන් කළේය.

 

(www.thepapare.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article