එස්.බී දිසානායක මහතා සිය ආරක්ෂක නිලධාරීන් සමග ඉකුත් 7වනදින ලක්ෂපාන ප්‍රදේශයේදී ජනාධිපතිවරණයේ ප්රචාරක රැස්විමක් අවසන් කර ආපසු මහනුවර දක්වා සිය වාහන වලින් ගමන් කරමින් සිටියදි ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේදි ආරක්ෂක නිලධාරින් සහ පොල්පිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර එස්.බි දිසානායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකු බහින් බස් විමට සම්බන්ධ වු තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් ආරක්ෂක නිලධාරියෙකු වන පොකො ජානක ප්‍රේමසිරි යන අය රු ලක්ෂ 10 ක ශරිර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව ලබන මස 10 දින කැඳවිමට මහේස්ත්‍රාත්වරයා ඊයේ (25) නියෝග කළේය.
සිදුවීමේදී වෙඩි තැබුවේ යැයි කියන ආරක්ෂක නිලධාරියා 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටද හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා නියෝග කලේය. මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබුවේ පොකො දුමින්ද ලක්මාල් ය.