Friday, September 20, 2024

PHI වරු හෙට ලෙඩ වෙති

Must read

තමන්ට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (24 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත. එමෙන්ම ඒ සදහා ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන 27 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලැබෙන ක්‍රමවේදය දැනටමත් පැහැදිලිව දක්වා ඇති බවත් , ඒ අනුව බලතල ගැසට් කි​රීමට අවශ්‍ය නොවන බවත්, එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් සිදුකළ හැකි බවත්. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින්  සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට එහා ගිය බලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  ලබා දීමට නොහැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article