Saturday, September 21, 2024

PCR පරික්ෂණ 20000 ක ප්‍රථීඵල ප්‍රමාදය බරපතල අවධානමක් ! රජයේ වෛද්‍ය සංගමය

Must read

සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා..

“මේ මොහොතේදී රෝගීන් නැහැයි කියලා කිලිනොච්චියයි, මුලතිව් යන දිස්ත්‍රික්ක දෙක අතහැරදාලා එතන ආවේක්ෂණ කටයුතු නතරකළ හොත් ඊළඟ පොකුර මුලතිව්වලින් පටන්ගන්න පුළුවන්. ඊළඟ පොකුර කිලිනොච්චියෙන් පටන්ගන්න පුළුවන්.  ඒ නිසා අපිට ඒකාකාරීව මේ අවදානය යොමුකිරීම වැදගත් වෙනවා. සතියකට ගත්තු සාම්පලවල ප්‍රතිඵල තවමත් ඇවිත් නැහැ. මේක ඉතාමත් අවාසනාවන්ත කණගාටුදායක තත්ත්වයක්. සාමාන්‍යයෙන් 100ක් බැලුවොත් 2.5ක් 3ක් වගේ ප්‍රමාණයක් “පොසිටිව්“ වෙනවා. එතකොට මේ 20000 තුළ අපි උපකල්පනය කළහොත් ඒ ගණන, මේ 20000යේ ප්‍රතිඵල අඩුමගානේ තව  500ක්, 600ක් “පොසිටිව්“ වෙන්න ඕනේ.  මේක අද නතරවෙන ප්‍රශ්නයක් නෙමෙයි. සමහර ප්‍රදේශවල සමාජ නියැඳිවලට තැනක් දිලා නැහැ. ඒ වාර්තාව කරුණාකරලා කැඳවන්න ජනාධිපතිතුමනි. එතකොට තමයි ඔබතුමාට තේරෙන්නේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කොහොමද වැඩකරලා තියෙන්නේ කියලා. වයඹ පළාත තුළ කුරුණෑගල දිසිත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක සමාජ නියැඳි කිසිවක් සිදුවෙන්නේ නැහැ. දවසකට කුරුණෑගල දිස්ත්‍රික්කයටම ලැබෙන්නේ PCR කරන්න අදාළ උපකරණ කට්ටල 50ක විතර ප්‍රමාණයක්. ඒ 50යෙන් කොහොමද  සමාජ නියැඳි කරන්නේ. මාතර අය අපිට කථා කළා. මාතර මේ වෙනකොට ගත්ත සාම්පල 3000ක ප්‍රතිඵල ලැබෙන්න තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ දවස් 5කට 6කට ගත්ත සාම්පල තවම ලැබිලා නැහැ. මරණ අපේ ඉස්සරහා ඇවිත් ගොඩ ගැහෙනතුරු ඉන්නේ නැතුව වහාම කරණාකරලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා මේ ඇති අවදානම ජනතාවට කියන්න.“

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article