Tuesday, November 26, 2024

paypal ලංකාවට ගෙන්න හදපු ඉරාජ්ගේ බොරුව මාට්ටු

Must read

අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රමයක් වන paypal මූල්‍ය සේවාව මෙරටට ලබාගැනීම සදහා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ෆේස්බුක් පිටුව ගොස් අදහස් පල කරන ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ ගායක මෙන්ම වත්මන් රජය යටතේ මේ වන විට අධ්‍යක්ෂකධූරයක් හොබවන ඉරාජ් වීරරත්න විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබිණ.

ඉරාජ් විසින් පල කර තිබූ සටහන

ඒ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ එම ප්‍රකාශය ඉරාජ් වීරරත්න විසින් රට තරුණයන් මුලා කිරීමේ ප්‍රෝඩාවක් බවයි. ඉරාජ් විසින් සදහන් කරන ආකරයට මෙරටට paypal ගෙන්වාගත නොහැකි බවත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) වෙත ජනාධිපතිවරයා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කොට ඇති අතර paypal සේවාව තවමත් මෙරටට ලබාගැනීමට නොහැකි වීම සම්බන්දයෙන් සොයාබා ඒ සම්බන්දයෙන් කටයුතු කල යුතු බවත් එම නිවේදනයේ සදහන් වෙයි.

එමෙන්ම ජනතාව මුලා කොට සිය පුද්ගලික අරමුණු ඉටුකරගැනීම සදහා කටයුතු කරන ඉරාජ් වැනි පුද්ගලයන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය ප කරන බවද එම නිවේදනයේ සදහන් වෙයි.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්ථා කරන අන්දමට ඉරාජ් විසින් paypal සේවාව ලබාගැනීම සදහා යැයි කියන ෆේස්බුක් පෝස්ට් එක ප්‍රසිද්ධ කල දිනය එනම් ජනවාරි 15 වනදා ට පසු ඉරාජ් ප්‍රඩක්ෂන්ස් විසින් නිර්මාණය කරන ලද තවතම මියුසික් වීඩියෝව සිය ෆෙස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධ කිරීට කටයුතු කර ඇත.

ඉරාජ් විසින් සිය මියුසික් වීඩියෝ පටය සමබ්නදයෙන් සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබූ සටහන

ඔහු මෙසේ මෙරට තරුණයන් මුලා කරමින් paypal රංගනයක් ඉදිරිපත් කර ඇත්තේ “කතිරිනා “නැමැති සිය නව වීඩියෝ පටය සදහා මෙරට තරුණයන්ගේ අවදානය දිනා ගැනීමටත් සිය ෆේස්බුක් පිටුව සක්‍රීය තත්වයේ පවත්වා ගැනීමට බවත් මේ වන විට පැහැදිලිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article