Friday, September 20, 2024

MCC අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

Must read

සහස්‍ර අභියෝගතා සංස්ථාව සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුමට අත්සන් නොකිරීමට රජය තීරණය කල කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේය.

එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මහින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ සළකා බලා මෙම තීරණය ගත් බව ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර හා පසු රජය් විසින් එම ගිවිසුම සම්බන්දයෙන් දැරූ අදහස පරස්පර වීම මගින් ඉදිරි මහ මැතිවරණයේදි රජයේ ඡන්ද පදනම කඩාවැටෙනු ඇතැයි මේ වන විට රජය බිය වී ඇති බව දිනෙන් දින පැහැදිලි වෙමින් පවතී. ජනාධිපතිවරණය පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු එකින් එක කඩ කල වත්මන් රජය ඊට එරෙහිව ජනතා විරෝධය මතුවීමත් සමග සියලු සැලසුම් හකුලාගෙන පසෙකට වූ ආකාරය පසුගියදා ඇතිවූ සිදුවීම් කිහිපයකින්ම පැහැදිලි විය. MCC ගිවිසුම් ඉන් එකක් වන අතර , සයින්දමුරුදු නගරසභාවේ සිදුවීමට ඊට උදාහරණයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article