Monday, November 25, 2024

GMOA පාදෙණිය වැරැද්ද ඩබල් කරගනී

Must read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වන විට ප්‍රකාශ කර  හා  වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම්දීමක් කර ඇති පසුබිමක වෛද්‍ය පාදෙණිය ඔක්තෝබර් 31 එළිදැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයටද සහභාගී වී සිටින අයුරු දැකගන්නට ලැබිණි.

මේ සම්බන්දයෙන් මාධ්‍යවේදියෙකු විසින් විසා සිටි අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා සදහක් කර සිටියේ “එක වරදක් වසා ගැනීමට තවත් වරදක්” කිරීම අනුමත කළ නොහැකි බවයි.

“අද ගියත් ඒක වැරදියි. දේශපාලන රැස්වීම් වලට යන්න බැහැ. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල් වෙනවා. මේ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්හ කරලා තියෙන්නේ,” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

වෛද්‍ය පාදෙණිය මෙසේ දේශපාලන වේදිකාවක සිටීම සම්බන්දයෙන් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනි දින මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන මෙන් ද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article