පැයට කිලෝ මීටර 216ක පමණ වේගයකින් ජපානයට කඩා වැදුණ Faxai සුළි ගුණාටවු හේතුවෙන් මේ වන විටත් විසන්දි වූ විදුලිය නැවතත් ප්‍රකෘති තත්වයට පත් කිරීමට ජපානයේ Tokyo Electric Power (Tepco) සමාගමට නොහැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් කුණාටුවෙන් පසු ඇතිවූ අධික උෂ්ණ කාලගුණ තත්වයට වායු සමීකරණ භාවිතා කිරීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගලන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්ථා වෙයි.
සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
මෙම දරුණු සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ විදුලි පද්ධතිය මෙන්ම පොදු ප්‍රවාහන පද්ධතියද අඩාල විය.සදුදා වන විට සිය දුම්රිය ගමන් අවලංගු වීම හේතුවෙන් මිලියන2.7ක ජනතාවක් දැඩි අපහසුතාවයට පත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන්ම ගුවන් ගමන් 100ක් පණ අවලංගු කිරීමටද ජපන් බලධාරීන් කටයුතු කර තිබිණි.ඒ හේතුවෙන් නරීටා ගුවන් තොටුපල වෙතසිය ගුවන් ගමන් සදහා පැමිණි මගින් 13,000ක් පමණ දැඩි අපහසුතාවයට පත්විය.
සාමාන්‍යයෙන් වසරක් තුල ජපානයට සුළි කුණාටු 24ක් පමණ ඇතුල් වන බව ජපාන කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.