Saturday, March 7, 2026

EPRLF පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් දිවි පිදුවන් සැමරේ !

Must read

 

 

EPRLF පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් දිවි පිදූවන් 35 වන වරටත් සැමරීමේ උත්සවයක් 19 වනදා සවස මන්නාරමේ පිහිටි ඊ.පී.ආර්.එල්.එෆ්. කාර්යාලයේදී පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ඒ.විජයරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට පක්ෂයේ ‌ ජේ්‍යෂ්ඨ සාමාජික එස්.ආර්. කුමාරේස්, පක්ෂයේ නගර සභා මන්ත්‍රී එස්.රාජනි, හිටපු සාමාජිකයින් සහ පක්ෂ සාමාජිකයින් සහභාගී වූ අතර, ඔවුන් දිවි පිදූවන්ට මල් වඩම් දමා, මල්මාලා පළඳවා, ගිනිදැලක් දල්වා උපහාර දැක්වීය.

මේ අතර, දිවි පිදූවන්ගේ දිනය නිමිත්තෙන් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දී පක්ෂ සාමාජිකයින් ද රුධිරය පරිත්‍යාග කිරීම විශේෂත්වයකි.

ඒස්.ආර්.ලැම්බට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article