Saturday, November 23, 2024

CID තිලකරත්නට එරෙහිව ලසන්තගේ දියණියගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Must read

අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා උදයංග වීරතුංගට උදව් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නට එරෙහිව අල්ලස් කොමිසම හමුවෙහි පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පැමිණිල්ල ගොනු කර ඇත්තේ 2020 පෙබරවාරි 21 දා ය.

සිය පැමිණිල්ලේ දී ඇය පවසන්නේ, 2018 පෙබරවාරි 07 දින නඩු අංක B 639/2015 යටතේ කටයුතු කරමින් මහේස්ත්‍රාත්වරියක වූ ලංකා ජයරත්න අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63 වන වගන්තිය ප්‍රකාරව යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංගන වීරතුංග  (ජාතික හැඳුනුම්පත: 640820900V) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ බවත්, අවසානයේදී වීරතුංග මෙරටට ගෙන ඒමෙන් පසු ඔහුට ඇප ලබා දී විමර්ශනය සදහා කල් ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ඩබ්ලිව් තිලකරත්න උත්සාහ දැරූ බවත්ය.

ලසන්ත ඝාතනය කළ හේතුව !

සිය පියා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේ ද උදයංග වීරතුංගට චෝදනා එල්ල වී ඇති මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් බව ඇය පවසයි.

වසර දහයකට වැඩි කාලයක් තිස්සේ උදයංග වීරතුංග විසින් සිදුකරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් විසින් විමර්ශනය ගැන තමා විපරමින් සිටි බව පවසන අහිම්සා  වික්‍රමතුංග ‘සන්ඩේ ලීඩර්’ හි ප්‍රධාන සංස්කාරක ලෙස සිය පියා වූ ලසන්ත වික්‍රමතුංග මෙම කරැණ ගවේශනය කළ බැවින් ඇය මෙම නඩුවේ කරුණු සහ වීරතුංග ට එරෙහිව ලබා ගත හැකි සාක්ෂි රාශියක් හොදින් දන්නා බව ද පවසයි.

පැමිණිල්ලේ විස්තරය මෙන්න !

”පසුගිය ජනවාරි 21 දින හෝ ඊට ආසන්න දිනයක දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අපරාධ පොලීසියෙහි අධ්‍යක්ෂ ජනරාල්  විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වීරතුංග මහතා ‍ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අවසර දෙන ලෙස තීන්දු කර ඇති බව රහස් පොලීසියේ අධ්‍යක්ෂක වන ඩබ්ලිව්. තිලකරත්න මහතාට දන්වන ලදී.

ඒ 2018 වසරෙහි දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුව මත මෙරට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද නීත්‍යානුකූල පිටුවහල් කිරීමේ ඉල්ලීම අනුව ය.

උදයංග වීරතුංග නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අපරාධ පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, සීඅයිඩී අධ්‍යක්ෂ තිලකරත්න මහතා කළේ මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ෆ්‍රැන්සිස් විසින් කරන ලද විමර්ශනය මගින් වීරතුංග මහතාට එරෙහිව රැස්කර ඇති සාක්ෂි පිළිබඳව තක්සේරුවක් ලබාගැනීමට පියවර ගැනීම ය. ඉන් පසු පළිගැනීමක් වශයෙන් පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් දඩුවමක් ලෙස රහස් පොලීසියෙන් පිටතට මාරු කරන ලෙස ඉල්ලීමක් කළේ ය. ඒ අනුව ජනවාරි 29 වන දා ඔහු මාරු කරන ලදී.

ඉන් පසුව වුව වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රතිචාර දැක්වීමට රහස් පොලීසිය කිසිදු උත්සාහයක් නොගත්තේය.

2020 පෙබරවාරි 10 වන දින හෝ ඊට ආසන්න දිනකදී රහස් පොලීස් අධ්‍යක්ෂ තිලකරත්න මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් වීරතුංග එරට සිරගත ඇති බවත් ඔහු ඉතා දුෂ්කර තත්වයක සිටින බවත් දැනුම් දෙන ලදී.

තව ද ඔහුව වහාම ශ්‍රී ලංකාවට ගෙනැවිත් රිමාන්ඩ් භාරයට පත් නොකර ඇප මත මුදා හැරීමට වග බලා ගන්නැයි ඔහුට උපදෙස් දෙන ලදී.

ඉන් අනතුරුව තිලකරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව රහස් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවා වීරතුංග මහතාගේ භාරකාරත්වය ලබාගෙන ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කළේය.

සීඅයිඩී නිලධාරීන් විසින් වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ආපසු ගෙන ආ පසු සහකාර පොලිස් අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා ඇතුළු සෙසු රහස් පොලිසියේ නිලධාරීන් සමඟින්, වීරතුංග මහතා කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් ගරු රංග දිසානායක මහතා හමුවට, තිලකරත්න මහතා විසින් පෞද්ගලිකව ඉදිරිපත් කරන ලදී.

කිසිදු අවස්ථාවක තිලකරත්න මහතා සැකකාර වීරතුංග මහතා නැවත මෙරටට ගෙන්වා ගෙන ඇති බව හෝ ඔහු ගරු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කරන බව හෝ නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ නැත.
 

තිලකරත්න ඇප ඉල්ලලා !

තිලකරත්න මහතා මහතා ස්වේච්ඡාවෙන් වීරතුංග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ගරු රංගා දිසානායක මහේස්ත්‍රාත්වරයාට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය. නීතිවේදියකු ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමකින් තොරව ඔහුට ඇප ලබා ගැනීමට හැකිවනු ඇතැයි තිලකරත්න මහතා විශ්වාස කළ බවට මෙය ඇඟවුමකි.

2020 පෙබරවාරි 14 වන දින සවස සැකකරු රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි දී තිලකරත්න මහතා කියා සිටියේ සැකකරුට ඇප ලබා දීමට තමන් විරෝධය නොදක්වන බවත් ඔහු කිසියම් වැරැද්දකට වැරදිකරු දැයි නිශ්චය කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට නිලධාරීන්ට විශාල කාලයක් අවශ්‍යවන බවත් ය.

මෙම අවස්ථාවෙහි දී වීරතුංග මහතා විසින් වංචා කරන ලදැයි කියනු ලබන මුදල රුපියල් 25,000කට වැඩි බවට පොදු දේපල පනතෙහි පනතේ 8 (1) විස්තර කර ඇති සහතිකය තිලකරත්න මහතා හෝ වෙනත් කිසිදු රහස් පොලිස් නිලධාරියකු හෝ මහේස්ත්‍රාත්වරයා වෙත ගොනු කළේ නැත.

 එසේ කරන ලද්දේ මෙම බී 639/201දරණ නඩුව යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය විසින් ගොනු කර ඇති වාර්තාවල  අයථා ලෙස පරිහරණය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ඉක්මවූ බව මීට පෙර නැවත නැවත සඳහන් කර තිබීම නොසළකා ය.

තිලකරත්න මහතා සැකකරු නිදහස් කිරීමට ඉල්ලීම් කළ ද ගරු රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා තමාගේ අබිමතය උඩ සැකකරු 2020 පෙබරවාරි 17 වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

පෙබරවාරි 17 වන දින, යළි සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ විට, රහස් පොලිස් නිලධාරීන් නැවත වරක් පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කළ යුතු වූ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් විය.

මහේස්ත්‍රාත්වරයාගේ දෝෂාරෝපණය !

රහස් පොලිසිය හැසිරෙන්නේ සැකකරුට මිස යුක්තියට පක්ෂපාතීව නොවන බවක් පෙනේනනේ යැයි ගරු රංග දිසානායක මහතා අවධාරණය කළ අතර රහස් පොලිසියට සහ එහි අධ්‍යක්ෂවරයාට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළේය.

වීරතුංග මහතා කරන ලදැයි කියන අපරාධය ගැන වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් මහතා විසින් කරන ලද විමර්ශනය ගැන මම විපරමින් සිටියෙමි. මන්ද යත් මෙම කාරණා මගේ පියාට සිවිල් නඩුවක් පැවරීමේ පදනම වූ නිසා ය.

සන්ඩේ ලීඩර් හි ප්‍රධාන කර්තෘවරයා වශයෙන් මෙම කරුණු පිළිබඳව ඔහු විසින්ම විමර්ශනය කරන ලදී. එබැවින් වීරතුංග මහතාට එරෙහිව ඇති නඩුවේ කරුණු සහ සාක්ෂි විශාල ප්‍රමාණයක් මම හොඳින් දනිමි.

එබැවින් බී 639/2015 නඩුවෙහි වාර්තා පරීක්ෂා කිරීම, වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ වාර්තා හා ෆ්‍රැන්සිස් මහතා රහස් පොලිසියෙන් මාරු කිරීම සම්බන්ධව වාර්තා ලබා ගෙන ගරු රංග දිසානායක, නියෝජ්‍ය නීතිපති තුසිත් මුදලිගේ සහ පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් යන අයගෙන් කරැණු විමසන්නේ නම් උදයංග වීරතුංග මහතා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට චෝදනා ඉදිරිපත් කිරීමට සහ වරදකරුවන් කිරීම ප්‍රමාණවත් සාක්ෂි මතුවනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.

අල්ලස් පනතේ වගන්ති ප්‍රකාරව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට දඩුවම් ලබා දීම සඳහා දැනටමත් ඇති සාක්ෂි සමූහය ප්‍රමාණවත් වනු ඇත. පොදු යහපත උදෙසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මම අල්ලස් සහ දූෂණ කොමිසමෙන් තරයේ ඉල්ලා සිටිමි.

අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංගේ මහතාගේ දියණිය වශයෙන්, මෙම වැරදි සම්බන්ධ තොරතුරු දන්නා සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව අවශ්‍ය සියලු පියවරයන් ගැනීම අල්ලස් සහ දූෂන කොමිසමෙහි වගකීමකි.

යුක්තිය පසිඳලීම සඳහා මහත් අවදානමක් ගෙන තිබෙන ඔවුන්ට එකී ප්‍රයත්නයන් නිසාම වෘත්තීයමය හෝ ශාරීරික පලිගැනීම් වලට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙළෙස අවධානමට ලක්විය හැකි පුද්ගලයින් අතර xxxxxx යන අය සිටිති.

මෙම ආයාචනය වෙනත් අධිකරණ බල ප්‍රදේශයක සිවිල් නඩුවක් සඳහා මා කලින් කළ ආයාචනයට අනුකූල වේ. මගේ පියා ඝාතනය කරන ලද්දේ වීරතුංග මහතාට එරෙහිව එල්ල වී ඇති අපරාධ විමර්ශනය කිරීමට ඔහු දැරූ උත්සාහය නිසා බව මම තරයේ විශ්වාස කරමි.

ඝාතනය වසංකරන ඝාතන !

මගේ පියාගේ ඝාතනය වසන් කිරීම පිනිස 2015 සිට අවම වශයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු මරා දමන ලද බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මිග් දූෂණ වංචාව මේ වන විටත් බොහෝ ජීවිත බිලිගෙන ඇත. වගකිවයුත්තන් යුක්තිය ඉදිරියට ගෙන යා යුතු බවත්, එමගින් මෙම කාරණය අවසානයක් කරා ගෙන යා යුතු බවත් මම විශ්වාස කරමි.

අල්ලස් සහ දූෂන කොමිෂන් සභාව මගින් කරනු ලබන ඉක්මන් සහ පරිපූර්ණ විමර්ශනයක් පමණක් ම වර්තමාන රහස් පොලීසියේ නායකත්වය, වීරතුංග මහතා සහ ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු සම කුමන්ත්‍රණකරුවන් නිදහස් කිරීම වැළැක්වීමට ඇති එකම ක්‍රමය විය හැකි ය.

උදයංග වීරතුංග අත් අඩංඟුවට ගැනීමේ අන්තර් ජාතික වරෙන්තුව මෙන්න :

(උපුටා ගැනීම – srilankabrief.org)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article