බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉදිරි දින 4ක පමණ කාලය තුල ඉතාමත් රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 9 වැනිදා දක්වා කාලයේදී ධීවර හා නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලය තුලදී ශ්‍රී ලංකාවට බලපා ඇති නිරිත දිග මෝසමේ සහ පිලිපීනය ආශ්රිත සාගර කලාපයේ පවතින සුළි කුණාටු තත්ත්වයේ බලපෑමෙන් මෙම තද සුළං ඇතිවන බවත් එවිට සුලගේ වේගය පැයට කිලෝ මීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.