මෙරට උසස්පෙළ සමත්වන සියළුම සිසුන් හමුදාවට බදවාගෙන හමුදා පුහුණුවක් ලබාදිය යුතු බවත් ඔවුන්ට ශ්‍රී ලංකා ඉතිහාසය ඉගැන්විය යුතු බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසූවේ අනුරාධපුරයේදී පැවැති ව්‍යාපාරික හමුවක් අමතමින්ය.
එසේ සිසුන්ට හමුදා පුහුණූව ලබාදීම මගින් ශ්‍රී ලංකාව තුල එකම ජාතියක් නිර්මාණය කල හැකි බවද උන්වහන්සේ පවසති.