ජනපති සහ අගමැති ඇතුලු රජය පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයට වැරදිකරුවන් කර ප්‍රකශයට පත්කරන ලෙස ඉල්ලා ගරු අශෝක ස්ටීවන් ද සිල්වා, සරත් ඉද්දමල්ගොඩ සහ ශෙරාඩ් ජයවර්ධන පියතුමන්ලා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති නඩුව ඊයේ (12) කැදවූ අවස්ථාවේදී ඉදිරිපත් කර ඇති ලියකියවිලි පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීම සදහා නඩුව මේ මස 25 දින නැවත කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි.
අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ගරු අශෝක ස්ටීවන් ද සිල්වා පියතුමා ප්‍රකාශ කර සිටියේ මේ මහා විනාශයේ වැරදිකරුවන් කවුරුන්ද යන වග සමස්ථ ජනතාවම මේ වන විට හොදින් දන්නා බවත් එයින් ගැලවී පලායාමට කිසිවෙකුට ඉඩ නොලැබෙන බවත්ය. දේශපාලකයින් හැම විටම තමන්ගේ ඇග බේරා ගෙන රාජ්‍ය නිළධාරීන් වෙත වරද පටවන බව පසුගියදා සිල් රෙදි නඩුවේ තීන්දුව මගින් පැහැදිලිවූ බවත් එහෙත් ජනතාව දැන් ඒ දේශපාලකයින්ට පිලිතුරු දීමට සූදානමින් සිටින බවත් පැවසීය.
ජනතාවගේ හෘද සාක්ෂිය තුල ආණ්ඩුව වරද කරු වී අවසන් බවත් නීතිය ඉදිරිපිටත් ආණ්ඩුව වරදකරු කරගැනීමටත් අවශ්‍ය බව අශෝක් ස්ටීවන් පියතුමා පැවසීය.
මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ඉතා විශාල පිරිසක් උසාවිය ඇතුලත සහ පිටත සිටිනු දැක ගත හැකි විය.