බොදුබල සේනා සංවිධානය මගින් මහනුවර බෝගම්බර පිටියේදී “දැයම එක රොදකට සිවුහෙළේ මහ සමුළුව” නමින් රැළියක් ඊයේ (07) දිනයේදී පැවැත්වීය.
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල්ලා සිටියේ ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ වගකීම මෙරට භික්ෂූන් වහන්සේලාට ලබාදෙන ලෙසටයි. එසේම තවදුරටත් උන්වහන්සේ සදහන් කර සිටියේ සියළුම භික්ෂූන් වහන්සේලා නිකාය භේද, පාට කණ්ණාඩි පසෙක තබා ජාතිය මෙහෙයවීමේ ශුද්ධ වූ වගකීම කසාවත යටතට ගත යුතු බවයි.