නව වැනි සාක් චිත්රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී මහත්මියට හිමිවිය. ඒ ඇය රගපෑ සංජීව පුෂ්පකුමාර අධ්යක්ෂණය කල දැවෙන විහඟුන් චිත්රපටයේ ප්රධාන චරිතය වෙනුවෙනි. එලෙසම එම චිත්රපටය සංස්කරණය කලඅජිත් රාමණායක මහතාටද සාක් චිත්රපට උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය හිමිවිය.
මෙම චිත්රපට උළෙලේ හොදම නළුවා ලෙස සම්මානයට පාත්ර වූයේ නාගර් කිර්තාන් චිත්රපටයේ රඟපෑ චක්රමෝර්තිය.නාගර් කිර්තාන් චිත්රපටය හොඳම වෘත්තාත්ත චිත්රපටය බවට පත්වූ අතර,එහි අධ්යක්ෂකවරයා වූ කෞෂික් ගංගුලි හොඳම චිත්රපට අධ්යක්ෂවරයා ලෙස සම්මාන ලැබීය.
හොඳම කෙටි චිත්රපටයට සම්මාන ලැබුණේ නා බොලේ වෝ හරාම් නම් ඉන්දියානු චිත්රපටයටය.