Saturday, September 21, 2024

රාජපක්ෂලා විසින් ත්‍රස්තවාදින් ලෙස නම් කළ මාධ්‍යවේදින්ගේ නඩු තීන්දුව අද ….

Must read

Dayaහිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ මස්සිනා වූ තුසිත රණවක ගේ දෙනියාය නාතගල පිහිටි  නිවස සදහා යන මාර්ගය ඉදිකිරිම සදහා මගනැගුමට  අදාල  සම්පත් යොදා ගැනීම වාර්තා කළ ලංකා පුවත්පතේ දයා වෙත්තසිංහ, ශාලික විමලසේන හා රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මාධ්‍යවේදින්ට එරෙහිව පවරා තිබුණ නඩුවේ තින්දුව අද දිනයේ ප්‍රකාශයට පත්විමට නියමිතය.
එදා රාජපක්ෂ පවුල විසින් මහජන දේපල අයථා පරිහරණය කිරීම ඒ යුගයේම හෙළි කළ ඔවුන් ගවේශනයේ ඡායාරූප හා තොරතුරු රැගෙන එන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක සැකකරුවන් ලෙස රාජ්‍ය මාධ්‍ය විසින් හැදින්වූ ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ දින 7ක් රදවාගෙන ප්‍රශ්න කොට  අවසානයේ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කරමින්  පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුළුවීම චෝදනාව යටතේ නඩුපවරා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article