කොච්චිකඩේ ශා.අන්තෝනි මුනිදුන්ගේ දෙවස්ථානය අසල නවතා තබා තිබියදී සොයාගත් වෑන් රථයේ ආසන නැවත සකස්කල පුද්ගලයා හදුනා ගැනිම සදහා පොලීසිය මේ වන විට ජනතා සහය බලාපොරොත්තු වෙයි.
සිදුවීම ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කල පුද්ගලයන් 4දෙනෙකුගෙන් ලැබූ තොරතුරු මත නිර්මණය කල එම පුද්ගලයාගේ සිතුවමක් මේ වන විට නිකුත් කර ඇත.
මෙම වෑන් රථය කින්ස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවාගත් පුද්ගලයාට අයත් වන අතර,ඔහු හා තවත් එක් පුද්ගලයෙකු එක්වී මෙම වෑන රථයෙ ආසාන ඔවුනට අවශ්‍ය පරිදි වෙනස් කරගෙනඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇත.
මෙම සැකකරු උස අඩි 5යි අගල් 2ක් පමණ වන,කෙට්ටු,රැවුල වවා ඇති,වයස අවුරුදු 25 – 40ත් අතර පුද්ගලයෙකු බවයි සාක්ෂිකරුවන් විසින ලබාදුන් තොරතුරු වලින් හෙලිවී ඇත්තේ.