පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිදුවීමක් සම්බන්දයෙන් පුද්ගලයන් තුන් දෙනෙකු පොතුවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් තිදෙනා එම පල්ලියේ සභාපතිවරයා සහ ආගමික අංශය භාරව කටයුතු කරන අයෙකු ඇතුලු යාබද ඉඩමේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ පොතුවිල් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අාරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් සහ පොලිසිය ඒකාබද්ධවයි.