Tuesday, November 19, 2024

ශ්‍රිලංකාව තුල සියළුම මැඩ්රාසා පාසල් තහනම් කල යුතුයි – හිටපු ජනපතිනිය කියයි.

Must read

 ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක සියළුම මැඩ්රාසා ඉස්ලාම් පාසල් තහනම් කල යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහතා පවසනවා. ඇය සදහන් කරන්නේ මෙම පාසල්තුල දරුවන්ට අන්තවාදීතත්වය උගන්වන බවයි.
පසුගිය වසර 10ක පමණ කාලයක සිට මේ ආකාරයේ මැඩ්රාසා පාසල් ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක වූ බවත් මෙම රජයට හා පසුගිය රජයට තමන් ඒ පිලිබදව දැනුම්දුන්නත් ඒ සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් කුමාරතුංග මහත්මිය සදහන් කරයි.
ඇයට දැනගන්නට ලැබී ඇති පරිදි ශ්‍රි ලංකාව තුල ඇති කාන්තා පාසල් වල අධ්‍යාපනය හැදැරූ ඇතැම් මුස්ලිම් ශිෂ්‍යාවන් එම පාසල් අතහැර මැඩ්රාසා පාසල් වෙත ඇත්ලත් වී ඇති බවත් ඒ තත්වයන් වලක්වා ගැනීම සදහා සියළුම සිසුන්ට රජයේ පාසල් වෙත ඇතුළු වීමට අවසර ලබාදිය යුතු බවත් කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article