Saturday, September 21, 2024

ලංකාවේ පාට් ජිනිවා කවුන්සිලයේදි දාන්න ගිය ගෝඨාගේ ගෝලයන්ට වෙච්ච දේ !

Must read

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අද දින සවස් වරුවේදි නිමාවිමට නියමිතය.පසුගිය 20 වනදා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රිලංකාව පිළිබදව වු යෝජනවා ඉදිරිපත් වු අතර ඒ ගැන මහත් උනන්දුවක් ජාත්‍යන්තරයට මෙන්ම මාධ්‍යවලටද විය.
මේ නිසාම කවුන්සිලය තුල ඡායාරූප ගැනිමේ නිසි අවසරය සහිත මාධ්‍යවේදින් කිපදෙනෙකුම මහත් උන්දුවකින් යුතුව එම අවස්ථාව ආවරණය කරමින් සිටියහ.
ලංකාවේ තත්වය පිළිබද විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් තමන්ට කවුන්සිලය විසින් ලබා දි තිබුණ නිසි අවසරය පදනම් කර ගනිමින් ලැබෙන විනාඩි 2 ක උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගනිමින් අදහස් ඉදිරිපත් කරමින් සිටියහ. ශ්‍රි ලංකා ග්ලෝබල් ෆෝරම් නමින් පෙනි සිටින සිංහල ලාංකිකයන් පිරිසක්ද අදහස් ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලැබෙතැයි සිතා සිටියද කවුන්සිලයේ පවතින ක්‍රියාපාටිපාටින්ට අනුව ඒ අයට අවස්ථාව ලැබි තිබුනේ නැත. ඒ අනුව අදහස්  ඉදිරිපත් කිරිමට ඒ සැසිය සදහා අවස්ථාව ලැබුණේ සංවිධාන 8 කට පමණි.
මේ හේතුවෙන් දැඩි පිඩාවකට පත්ව සිටි සරත් විරසේකර අැතුළු පිරිස බලාපොරොත්තු සුන්ව ශාලාවෙන් පිටව යද්දි ඒ අවස්ථාවන් ඡායාරූපයට නගමින් සිටි විදේශ මාධ්‍යවේදියෙකුට සිය  විරෝධය පළකරන්නට මේ පිරිසෙන් එක් අයෙකු කටයුතු කර තිබුණි.ඒ අයව ඡායාරුප ගන්නට එපා යැයි අදාල විදේශ මාධ්‍යවේදියාට තර්නය කරන්නට මේ එක් නියෝජිතයා කටයුතු කලේය. ඉන් නොනැවතුන ඔහු කවුන්සිලයේ ආරක්ෂකයෙකුට තමන් මේ ගැන පැමිණිලි කරනවා යැයි කියමින් ආරක්ෂක නිළධාරියෙකු වෙතටද ගියේය.අදාල ආරක්ෂක නිළධාරියාට කියා සිටියේ මේ කෙනා තමන්ව සහ තම කණ්ඩායමේ ඡායාරුප ගන්නා බවය.
මේ චෝදනාව පයිසෙකට ගනන් නොගත් ආරක්ෂකයා මේ පිරිසට කියා සිටියේ අදාල මාධ්‍යවේදියා කවුන්සලය තුල ඡායාරූප ගැනිමට නිසි අවසරය ලැබ සිටින අයෙකු නිසා ඔහුට ඕනෑම අයෙකුගේ ඡායාරුප ගත හැකි බවය.
ඒ නිසා කරුණාකර කරදර නොකර මෙතනින් පිටව යන ලෙසද අදාල පිරිසට දන්වා සිටියේය. දැන් වස ලැජ්ජාවකි.
තවත් අයෙකු පැමිණ අදාල මාධ්‍යවේදියාට තර්ජනය කරමින් කියා සිටියේ ඔහු විසින් ගන්නා අදාල ඡායාරුප මකා දමන ලෙසය.එතනින් නෙනැවති පැත්තට එන ලෙසද අදාල මාධ්‍යවේදියාට අණකරන්නට ද කටයුතු කළේය.
එහෙත් අදාල මාධ්‍යවේදියා මේ කිසිවක් ගණන් සිය රාජකාරි කටයුතු වල නියැලුණ අතර අදාල ආරක්ෂක නිළධාරියා විසින් අදාල සිංහල කණ්ඩායමට එතනින් පිටව යන ලෙසින් අවසන් වරටත් දන්වා සිටියේය. කඩිමුඩියේ එතට පැමිණ දිවයින පුවත් පතේ කුපකට මාධ්‍යවේදියා වු කිර්ත වර්ණකුලසුරිය අදාල මාධ්‍යවේදියාගේ ඡායාරුපයක් අරගත්තේ අපි දෙන්නම් උඹට වැඩේ යැයි අගවමිනි.
කවුන්සිලයේ නිතිය නොදැන ලංකාවේ පාට් දාන්නට ගිය ගෝලබාලයන් ගැන දැනටමත් අදාල අංශ ගණනාවක් විසින් පැමිණිලි කර ඇති අතර ඒ පිළිබදව කවුන්සිලයේ ප්‍රධානින් කටයුතු කිරිමට නියමිත බවද දැනගන්නට තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article