කිසිදු ඡන්ද විමසීමකින් තොරව ජනපති වැය ශීර්ෂය ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
සම්මත කිරීම සදහා වැය ශීර්ෂය සභාවට ගෙන ආ අවස්ථාවේ නැගී සිටි එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි බෙදීමක් ඉල්ලා සිටියත් සභානායකවරයා මෙන්ම එජාප නායකයාද බෙදීමක්අනවශ්‍ය බව පැවසීමත් සමග කිසිදු ඡන්ද විමසීමකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත වී තිබේ.