ජනපති සිරිසේන මේ දිනවල කියා සිටින්නේ තමන් සිටින තාක් කාල් රනිල් වික්‍රමසිංහට අගමැති කම දෙන්නේ නැතැයි කියාය.
ඇත්ත වශයෙන්ම ගත් කළ මෙය රාජ්‍ය නායකයෙකු ප්‍රකාශයකට වඩා ගැලපෙන්නේ පොලොන්නරුව වැනි ඈත පිටිසර බද ගමක කෝපි කඩේක දාම් අදින් ගැමියකුගේ ප්‍රකාශයකටය.
සිත් රිදවාගත් ගැමියෙකු තම අනෙකා ගැන වරක කියා සිටිය හැක්කේ මම නම් මගේ ජිවිතේ තියෙනකම් ඕකත් එක්ක එකට බොන්නේ නෑ කියාය.
ජනපති සිරිසේනගේ මේ ප්‍රකාශයත් කෝපි කඩේක දාම් අදින ගැමියෙකු කථාවකට සමානය.( ගැමියෙකු උදාහරණයට ගැනිමෙන් ගැමියන්ට අපහසයක් වේ නම් ඒ ගැන කමන්න )
රටක ජනාධිපතිධුරය ඒ ගානට දැන් කැපි ඇත.
ලංකාවේදි එය තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රික නොවේ.
වසර 10 ක් පවුල් පිටින් සොරකම් කොට රට කාබාසිනියා කළ මහින්ද රාජපක්ෂව එලවා දමා 62 ලක්ෂයක ඡන්දයෙන් ජනාධිපති සිරිසේන රනිල් වික්‍රමසිංහ නම් ලිබරල්වාදියාගේ දැක්ම මතින් රටතුල යහපාලනය ස්ථාපිත කොට ඒ රැස් වළල්ලෙන් රටවලට ගොස් බැබැලි සියළු ආතල් ගෙන දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහ හොරෙකු බවය.
මත්වෙන්නම ගංජා ගහපු අයෙකු හෝ තමන් සමගින් එකට සිටි අයෙකුට කිසිවිටකත් නොකියන අන්දමේ කුණු හරුප දැන් ජනපති සිරිසේන විසින් කියාගෙන යමින් තිබේ.
මේ අප විසින් පත්කරගන්නට යෙදුන පිඩිතයාගේ ඇත්තම තත්වයයි.
දැන් දිනෙන් දිනම එකි පිඩිතකම ඔපමට්ටම් වෙමින් දිළිසෙන්නට පටන්ගෙනය.
රටක ව්‍යවස්ථාවක් තිබේ. යහපාලනය යනු නීති ක්ෂේත්‍රය තුල සංවර්ධානාත්මක ඉදිරි පියවරයන් රැසක් ගනු ලැබු පාලන සමයකි.
රජෙක් යැයි සිතා කටයුුතු කළ රාජපක්ෂලාව ගෙදර යවා පත්කරගත් පාලකයා දැන් කියන්නේ තමන්ද රාජාට අදින බවය. දිවි ඇති තෙක් සිහසුනේ සිටින්නට වලිකන්නේ රජවරුන් පමණි.
දේශපාලකයන් නම් ප්‍රජාතන්ත්‍රවාදි රටවල ව්‍යස්ථාවන්ට අනුව වසර 4 න් හෝ 5 ඉන් ඉවත්ව යායුතුය.
දැන් මේ සියල්ල ජනපති සිරිසේන අමතකවි ගොසිනි.