ඒකාධිපති වියරුව පරදවන ප්රජාතන්ත්රවාදය දිනවන ජනතා රැලිය” නමින් රට පුරා විරෝධතා රැලි මාලාවක් සංවිධානය කිරිමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.
ඒ අනුව එහි ආරම්භක රැලිය හෙට (21) පස්වරු 3.30ට මහරගම නගරයේදි පැවැත්වේ.
එම රැලිය ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව වන facebook.com/jvpsrilanka තුළින් සහ ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව වන facebook.com/anurakumara තුළින් සජීව ලෙස විකාශය කිරීමට ජවිපෙ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබේ.