Wednesday, November 27, 2024

ලිබර්ටි වටරවුම එහි නමට සාධාරණත්වය ඉටු කරමින් ජනතා කෝපය පලකල සැන්දෑවක්

Must read

45415106_748864415467715_4887881883330805760_n
***********************************************
ඊයේ සවස් වරුවම 62 ලක්ෂයක අපේකෂාවන් මහා පාවාදීමකට ලක්කිරීමට විරෝධය පළකරමින් ජනතාව ලිබර්ටි වට රවුමට එක්රොක්වීම දෙස බලනවිට මේ රටේ ජනතාව යුක්තිය සහ සාධාරණත්වයට එරෙහි බලවේගයන් සමග නොනවතින අරගලයකට සුදානම බව පෙන්වුහ.
ඔක්තෝබර් 26 දා සිදු වූ මේ මහා පාවාදීම තුල සිදුවුයේ 2015 ජනවාරි 8 වැනිදා පෙර තිබු තත්වයටම ජනාධිපතිවරයා ඉතිහාසය ආපසු ගෙනගොස් ජනතාවගේ ඔලුවලට අත සේදීමය .එමගින් ඔහු කලේ ගෙවී ගිය අවුරුදු තුනහමාරක කාල පර්ච්චේදය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ හිස් කාල පර්ච්චේදයක් බව පෙන්වීමය.45381064_748864585467698_101239903949422592_n
නමුත් ඊයේ ලිබර්ටි වට රවුමේ දී සිය විරෝධය පලකල මේ රටේ සියලු ජනවර්ගයන්ට අයත් වූ ජනතාව හඬ නැගුවේ ජනාධිපතිවරයා නිශේධ කල ඉතිහාසය නැවත ලිවීමට ඔවුන් සුදානම් බවය.රටක ඉතිහාසයේ යම් යම් කල පර්ච්චේදවල ජනතාව සිය අධිශ්ටානය මෙසේ පල නොකළ හොත් අභිමානවත් මිනිසුන් ලෙස ඔවුන්ට ජීවත්වීමට පාලක පන්තීන් ඉඩ නොදෙනු ඇත.
ඔව්හු ඉතිහාසය නැවත ලියනවා පණක් නොව ඉතිහාසය නැවත නිර්මාණය කරනු ඇත.
උපුටා ගැනිම- දයාපාල තිරාණගමෙග් ගේ මුහුණු පොතෙනි 45355534_748863955467761_2837162018853617664_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article