Sunday, November 17, 2024

කලිසමට උඩින් ජංගිය ඇන්ද ජනාධිපති – පූජ්‍ය දඹර අමිල හිමි.

Must read

damara amila himi 1

”දැන් කෙටි පණිවිඩයක් ආවා අර හොර අගමැතිවරයා වැඩ බාරගත්තා කියලා. ඒ කියන්නේ ජංගිය අඳින්න ඉස්සෙල්ලා කලිසම ඇඳලා තිබුණේ. දැන් අද කලිසමට උඩින් ජංගිය ඇන්දා. 113 හදාගෙන, සැලසුම් කරලා, ඕන අගමැති පත් කරන්න, වැඩ බාරගන්න, කාර්යාල වලට යන්න, නිලධාරීන්ට අතට අත දෙන්න. ඒවා කරන්න ඕන ඊට පස්සෙනේ. ” යැයි ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි කියයි.

62 ලක්ෂයේ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡුාවක් අද දින ( ඔක්. 29 ) රාජගිරියේ දී පැවැත්විනි. එහිදී පුරවැසි බලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වීදියේ විරෝධය, නිදහසේ වේදිකාව සහ තවත් සංවිධාන ගණනාවක් මේ සඳහා සහභාගි විය. මේ සඳහා අචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, අතුරුදහන්වූ මාපිය එකතුවේ බ්‍රිටෝ ප‍්‍රනාන්දු, ජනතා කලාකරු ජයතිලක බණ්ඩාර, රයිට් ටු ලයිෆ් සංවිධානයේ පිලිප් දිසානායක, රයිට්ස් නව් සංවිධානයේ ප‍්‍රබෝධ රත්නායක, වැනි පිරිසක් සහ මෙහි නම් සඳහන් නොකරන ලද විශාල සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි විය.

ආචාර්ය දඹර අමිල හිමියන් දැක්වූ තවත් අදහස්…

“සදාචාර විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමණ්ත‍්‍රණයකට ඔහු සහභාගි වී තිබෙනවා. රාජ්‍ය නායකයා රාජ්‍යයට එරෙහිව කුමණ්ත‍්‍රණයක් සිදු කර තිබෙනවා. රාජ්‍ය විරෝධියෙක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේක බරපතල කාරණයක්. මේක පක්ෂයක නායකයෙක් පිළිබඳ ප‍්‍රශ්නයක් හරි, මේක අග‍්‍රාමාත්‍යවරයෙක් පිළිබඳ ප‍්‍රශ්නයක් හරි, මේක වෙන කණ්ඩායමක පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ප‍්‍රශ්නයක්. මේක බේරගන්න වෙන්නේ ඒ පන්නයෙන් කල්පනා කිරීමෙන් පමණයි.

මේක අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයක්. ජීවත්වෙනවද නැද්ද? දුෂ්ටකමේ ඉන්නවද නැත්නම් සුද්දකමේ ඉන්නවද? අභිමානවත්ව ඉන්නවද නැත්නම් වහල්ලූවගේ ඉන්න තීරණය කරනවද? මානව හිමිකම් සහිතව ඉන්නවද? මානව හිමිකම් රහිතව ඉන්නවද? සංහිඳියාව සහිතව ඉන්නවද? සංහිඳියාව නැතුව ඉන්නවද? හොරකම්වලට යටත් වෙලා ඉන්නවද? ඒවට එරෙහිව කටයුතු කරමින් හොරකම් මැරකම් නැති සමාජයක ඉන්නවද? යහපාලනයක ඉන්නවද? එහෙම නොවන එකක ඉන්නවද? කියන එක තීන්දු කරන අවස්ථාවකට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව තනි පුද්ගලයෙක්ගේ ප‍්‍රශ්නයක් නෙමෙයි මේක. ඒක නිසා අපි මේක ජාතික කාර්යයක් හැටියට සලකලා, මාතෘ භූමියේ ප‍්‍රශ්නයක් හැටියට සලකලා ඕනා මේකට අපි මැදිහත් වෙන්න……..

නීත්‍යානුකූල අග‍්‍රාමාත්‍යවරයා දැනටත් කියලා තියෙනවා එතුමාට කිසිම ප‍්‍රශ්නයක් නැහැ 113 නැත්නම්, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ 113 පෙන්නුවොත් කෙලීන්ම තමන් අරලියගහ මන්දීරයෙන් විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවෙන්ද අග‍්‍රාමාත්‍යධූරය අතහැරලා කිසිම ප‍්‍රශ්නයක් නැතුව ඔහු එළියට එනවා. එහෙම නැත්නම් අවස්ථාව දෙන්න තමන්ට, රනිල් වික‍්‍රමසිංහ වන තමන්ට අවස්ථාව දෙන්න තමන්ට 113 තියෙන බව පෙන්වන්න. ඒ දෙකම කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව කැඳෙව්වොත් විතරයි. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවලා ඒ අවස්ථාව දෙන්න කියලා ඔහු කිව්වා. සමහරු කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක කරගන්න පුළුවන් නේද? අර්ථ නිරුපනයක් ගන්න පුළුවන් නේද කියලා? ඒ මොක කළත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් එහෙම මහින්ද රාජපක්ෂ තමයි අගමැතිවරයා මෛති‍්‍රපාල සිරිසේන කරපු වැඩේ හරි කියලා ඒත් පාර්ලිමේන්තුවට එන්න ඕනා. රනිල් වික‍්‍රමසිංහ තමයි නියම අග‍්‍රාමාත්‍යවරයා කියලා කිව්වොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණය ඒත් පාර්ලිමේන්තුවට එන්න ඕනා. 113 මොන තීන්දුව දුන්නත් පෙන්වන්න ඕනා. පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථවේදීම එය තීන්දු කරන්න ඕනා. ඒනිසා වටවන්දනාවේ යන්න මේකේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එකම දෙයයි තියෙන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව තමයි ඇයි බය කියන එක එන්නේ? දැන් කෙටි පණිවිඩයක් ආවා අර හොර අගමැතිවරයා වැඩ බාරගත්තා කියලා. ඒ කියන්නේ ජංගිය අඳින්න ඉස්සෙල්ලා කලිසම ඇඳලා තිබුණේ. දැන් අද කලිසමට උඩින් ජංගිය ඇන්දා. 113 හදාගෙන, සැලසුම් කරලා, ඕන අගමැති පත් කරන්න, වැඩ බාරගන්න, කාර්යාල වලට යන්න, නිලධාරීන්ට අතට අත දෙන්න. ඒවා කරන්න ඕන ඊට පස්සෙනේ. කලිසමට උඩින් ජංගිය ඇඳගෙන තමයි හෙට ඉඳලා එළියට එන්න වෙලා තියෙන්නේ.
aithiya.lk

වීඩියෝව පහතින්…

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article