ස්වාමිපුරුෂයා අහිමිව පැල්පතක ජීවත් වූ කාන්තාවකට අලුත් නිවසක් භාරදීමේ උත්සවය ඊයේ (09.11.2026) පැවැත්විණි.
මඩකලපුව, වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරුමුලෙයි, මාණික්කපුරම් ගම්මානයේ ජීවනෝපාය අහිමි පවුලකට මෙම නිවස ඉදිකර දී තිබේ.
බොහෝ කලකට පෙර ස්වාමිපුරුෂයා අහිමි වී පැල්පතක ජීවත් වූ කාන්තාවගේ දුක්ඛිත තත්ත්වය සලකා මෙම නිවස ඉදිකර ලබා දී ඇත.
මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ කෝරළේ පත්තු දකුණ (කෝරළේ පත්තු) ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලයන් ටී. නිර්මලන් මහතා විසිනි.
මෙම අවස්ථාවට කෝරළේ පත්තු ප්‍රාදේශීය ලේකම් එස්. රාජ්බාහු, ග්‍රාම නීලධාරී ෆාතිමා නුස්රා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලයන් ටී. නිර්මලන් යන මහත්ම මහත්මීන් සහභාගී වී නිවස භාර දී ඇත.
රුද්‍රන් – පාසිකුඩා











