Saturday, October 3, 2026
spot_img
spot_img
spot_img
spot_img

තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Must read

​

නල්ලූර්හි පිහිටි තිලිපන්ගේ ස්මාරක තිබු ස්ථානයෙන්  පොලිසිය විසින් ඉවත් කර ගන්නා ලද ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ⁣දිනයේ  ප්‍රතික්ෂේප කර තිබේ.

​මෙම සිද්ධියට අදාළව, ප්‍රතිමාව අධිකරණයට භාරදීමට පොලිසිය කටයුතු කළ අවස්ථාවේදී, “මෙම ප්‍රතිමාව තැබුවේ කවුද? ඒ පිටුපස සිටින්නේ කවුද?” යන පදනමක් නොමැතිව එය පමණක් අධිකරණයට භාරදිය නොහැකි බව පවසමින් අධිකරණය එය බාරගැනීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව පොලිසිය විසින් ප්‍රතිමාව යළි පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා කටයුතු කර ඇත.

​ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ

​ප්‍රතිමාව තැබීම සහ ස්මාරකය අසල ගී গেයීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මීට අමතරව, අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සහ එමඟින් ගීත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ දියත් කර ඇති අතර, අදාළ ස්මාරකයේ භාවිත කළ ශබ්ද විකාශන යන්ත්‍රද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

​පසුබිම සහ විරෝධතා

​ඉල්ලීම් පහක් මුල්කරගනිමින් 1987 සැප්තැම්බර් 15 වන දින හොඳ්ඩ (නල්ලූර්) කෝවිලේ උතුරු වීදියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, ඉල්ලීම් ඉටු නොවූ තැන 1987 සැප්තැම්බර් 26 වන දින පෙරවරු 10.48 ට ඔහුගේ ජීවිතක්ෂයට පත්වීම සිදු විය.

​මෙවර එහි 39 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් මෙම ස්මාරක පහන් ප්‍රතිමාව තබා උපහාර දැක්වීම සිදු කර තිබුණි. සැමරුමෙන් පසු දින යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ ප්‍රතිමාව ඉවත් කර ගෙන යන ලදී. ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව සහ එය නැවත එම ස්ථානයේම පිහිටුවන ලෙස ඉල්ලමින් ඉරිදා දින සිට යාපනයේ විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක වී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article