Saturday, August 22, 2026

ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ ගින්න: හෙලිකොප්ටර් මගින් ජලය ඉසීමට පියවර

Must read

 

ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ හටගත් ගින්නෙන් පරිසරය සහ ජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍ය ගරු ධම්මික පටබැඳි ගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ මැදිහත්වීම මත හෙලිකොප්ටර් මගින් ජලය ඉසීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇහැරගෙන ඇතැයි පළාතේ දේශපාලන නායකයන් සිය ෆේස්බුක් පිටුතුල සඳහන් කර තිබුණි.

ගින්න පැතිරීම හේතුවෙන් තෙත්බිමේ ජෛව විවිධත්වයට සහ අවට පරිසරයට දැඩි හානියක් සිදුවීමේ අවදානමක් තිබූ බැවින්, වහාම මැදිහත් වීමක් අවශ්‍ය බවට පරිසර අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

ඒ අනුව ගුවන් හමුදාවේ සහයෝගය ලබාගනිමින් ගින්න මැඩපැවැත්වීම සඳහා හෙලිකොප්ටර් මගින් ජලය ඉසීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

රැම්සා සම්මුතිය යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිමක් ලෙස නම් කර ඇති ආනවිලුන්දාව, සංක්‍රමණික කුරුල්ලන්ට සහ ස්වදේශීය වන ජීවීන්ට අතිශයින් වැදගත් වාසස්ථානයකි.

ගින්නට හේතුව සහ හානියේ වපසරිය පිළිබඳව වනජීවී හා පරිසර බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article