ඊයේ(19) අම්බලන්ගොඩ ප්රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවන් හා එම පහරදීම සිදුකල පුද්ගලයා මේ වනතෙක් පොලීසිය විසින් අත්අඩංගුයට ගෙන නොමැති බව පවසමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියලුම පෞද්ගලික බස් රථ සහ මාතර සිට කොළඹ බලා ධවනය වන සියලුම බස් රථ අද(20) උදෑසන සිට වර්ජනයක් ක්රියාත්මක කර ඇත.
එලෙසම ගමනාගමන කොම්ෂන් සභාහවේ සභාපතිවරයා විසින් සිදුකරන ටෙන්ඩර් පටිපාටියෙන් තොර ක්රියා නවත්වන ලෙසද වර්ජකයන් ඉල්ලා සිටින අතර මෙම ගැටළු වලට හෙට (21) වන විට නිසි විසදුමක් නොමැති වුවහොත් අඛන්ඩ වර්ජනයක නිරතවන බව වර්ජකයින් අනතුරු අගවා ඇත.