ඊයේ පලාලි උතුරෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකුට ඉන්දීය ධීවරයින් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙකු බේරී යාපනයට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයාගේ මුහුණට ඉතා අමානුෂික ලෙස පහර දී ඇත.
පහර දීමට අමතරව, ඔහුගේ අත් පා නයිලෝන් ලණුවලින් බැඳ, බෝට්ටුවකින් ඉන්දියාවට පැහැරගෙන ගොස් තිබේ.
මෙසේ පැහැරගත් ධීවරයා කීහොයූර් පොලිසිය විසින් බේරාගෙන නාගපට්ටිනම් රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලාංකික ධීවරයාට පහර දී පැහැරගත් ඉන්දීය ධීවරයින්ට එරෙහිව පොලිසිය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවද යාපනය කෙන්ද්‍රකොට මාධ්‍ය විසින් සඳහන් කර ඇත.
(නාමල් සජිත්ගේ ෆේස්බුක් පිටුවෙනි.)

