Saturday, March 7, 2026

මන්නාරමේ සුළං අවුල හා මාලිමා ආන්ඩුවේ සංවර්ධන චන්ඩි

Must read

ප්රශ්නගත මන්නාරම් සුළං බිදුලි බලාගාරය 2017 වසරේ අනුමැතිය ලද ආසියානු සංවර්ධන බැංකුවේ මූල්යාධාර සහිතව සැකසූ MW 100 ක තම්බපවනි විදුලි බලාගාරයේ දිගුවකි. එය MW 50 යුක්ත වන අතර 2022 වසරේදී පැරණි විස්තර මත සකස් කරන ලද පරිසර තක්සේරු වාර්තාවක්, 2023 වසරේ මහජන අදහස් වලට එලි දක්වා, ලංකා විදුලි බල මණ්ඩලය විසින් අනුමැතිය ලබාගෙන පසුව ටෙන්ඩර් කොට හේලිස් සමාගමට විකුණන ලද බලපත්රයක් හරහා සිදුවන විදුලි ව්යාපෘතියකි.
මෙම විදුලි ව්යාපෘතියේ මුලදී කණු 21 සකස් කිරීමට නියමිතව තිබුණද, එහි කොන්දේසියක් ලෙස කුරුල්ලන්ගේ පැවැත්මට ඇතිවන ගැටළුව පිළිබඳව අධ්යයනයක් කිරීම සඳහා යෝජිත වූ අතර, එම අධ්යයනය අවසන් වීමට ප්රථමයෙන්ම මෙම විදුලි බලාගාරය ටෙන්ඩර් කොට පෞද්ගලික පාර්ශ්වයකට ලබා දීම හරහා ගැටලු තත්ත්වයක් ඇතිකොට ඇත. මාදන්නා පරිදි එම කණු 21න් නමයක්(9) පමණක් කුරුල්ලන්ට හානි අඩු බව දැනගන්නට ඇත. එහෙත් කනු 10ක් සඳහා අණුමැතිය දී ඇත.
තවද, මෙම පරිසර තක්සේරු වාර්තාව සිදුකරන සමයේදී, මන්නාරමේ වර්තමානයේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය පිළිබඳව වැටහීමක් නොමැතිකම නිසා ගංවතුර පිළිබඳව නිසි අධ්යයනයක් සිදුකොට නැති තත්ත්වයක් යටතේ අද වන විට ජනතා විරෝධයට ලක්ව ඇත .
මෙම පරිසර වාර්තාව සඳහා පරිසර යුක්ති කේන්ද්රය 2023 වසරේ මහජන අදහස් වලට පිටු 7 ක වාර්තාවක් ඉදිරිපත් කල අතර එම මහජන අදහස් වල සඳහන් කරුණුවලට නිසි ඇගයීමක් සිදු කර නැති බවට මම විශ්වාස කරමි. එබැවින් මෙම බලාගාරය පාරිසරික වශයෙන්ම හා සමාජීය වශයෙන් ඇති කරන ගැටලු පිළිබඳව අවධානයකින් තොරව අනුමැතිය ලබා දීම හරහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කළ වැරදි අනුමැතියක් හේතුවෙන් මේ වන විට මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිව තිබේ.
මීට අමතරව, සෙලෙක්ස් පුනර්ජනනීය බලශක්ති සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් සංවර්ධනය කරන 20 MW සුළං බල ව්යාපෘතිය හෙවත් වින්ඩ්ස්කේප් මන්නාරම ව්යාපෘතිය 2025 දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර නවලෝක කන්ස්ට්රක්ෂන්ස් විසින් ඊට අදලව ටර්බයින 4ක් ගොඩනගනු ඇත.
කෙසේ වුවද රජයේ තීන්දු තීරණ ගත යුත්තේ වර්තමානයේ ඇති පාරිසරික, සමාජ තත්ත්වය පිළිබඳව නිසි අවධානයකින් යුතුව බව අප විශ්වාස කරමු. විශේෂයෙන්ම මන්නාරමේ ජනතාව පසුගිය මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ විරෝධතා දක්වමින් මෙම බලාගාරය වර්තමාන තත්ත්වයන් යටතේ නොකළ යුතු බවට ඉල්ලා සිටියදී, වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් හිතාමතාම මෙම ප්රශ්නය මගහැර විදුලි බලාගාරය එම ස්ථානයේ ඇටවීමට කටයුතු කිරීම ඔස්සේ විශාල මහජන නොසන්සුන්තාවයක් මන්නාරම් ප්රදේශයේ ඇතිකොට තිබේ.
විශේෂයෙන්ම ජනතාවට මෙවැනි අවස්ථාවලදී අවසාන මොහොත දක්වාම තමන්ගේ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත්, ඒ සඳහා පරිසර තක්සේරු ක්රියාවලිය හරහා ලබාදී ඇති දින තිහක කාලය තුල සිදුකරන විරෝධතා පමනක් නොව, ලංකාවේ ව්යවස්ථාව යටතේ ඕනෑම පුරවැසියෙකුට ජීවත්වීමට ඇති අයිතිය පිළිබඳව තිබෙන අයිතිවාසිකම මන්නාරමේ ජනතාවද ඉල්ලා සිටින බැවින් ඒ පිළිබඳව මීට වඩා වග වීමකින් යුතුව කටයුතු කිරීම අත්යවශ්ය වේ.
හේමන්ත විතානගේ 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article