Sunday, November 24, 2024

ජුනි මාසයේ විභාග සැලැසුම්කල පරිදි පැවැත්වෙන බවට විභාග දෙපාර්තමෙන්තුවෙන් නිවේදනයක්

Must read

තැපැල් වර්ජනයක් පැවතියත් 2018 ජුනි මාසයේ පැවැත්වීමට තිබූ සියළු විභාග කටයුතු නියමිත පරිදි පැවැත්වෙන බව
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. පවතින වර්ජනය හේතුවෙන්  සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයෙකුහට ප්‍රවේශපත්‍ර නොලැබුණ ද විභාගය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.එලෙස විභාග අපේක්ෂයෙකුට  විභාග  ප්‍රවේශපත්‍ර ලැබී නැතිනම් පහත සඳහන් දුරකථන අංකවලින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව විමසන ලෙසද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.තවද අයදුම්කරුවන්හට විභාග දිනය හා විභාග මධ්‍යස්ථාන සඳහන් කෙටි පණිවිඩයක් අයදුම්පත්‍රයේ සඳහන් දුරකථනයට ලැබෙනු ඇත.

දුරකථන අංක –  011 2785230 / 011 277075 

ෆැක්ස් අංක –  011 2784232

එමෙන්ම අයදුම්පත්‍ර කැඳවා ඇති විභාග සඳහා විභාග ගාස්තු ගෙවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පහසුකම් සලසා ඇති බවත් එම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමෙන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article