Wednesday, November 27, 2024

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව CIDය ගොනු කළ නඩුව අද

Must read

පාස්කු ප්‍රහාරයට අදාල තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත්ත මහතා  වෙනුවෙන් (අගතියට පත් පාර්ශ්වය ලෙස) අධිකරණයේ පෙනී සිටි නීතීඥ සංජය ගමගේ පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කරුණු දක්වීමට  අවසර  ඉල්ලා සිටියා.

එදින අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මැතිවරණ රාජකාරි සඳහා ගොස් තිබූ අතර එම නඩුවේ මුල් ලේඛනය  සේප්පුවේ  රඳවා තබා තිබුණා.

අනතුරුව, එහි යතුර රෙජිස්ටාර්වරයාගේ භාරයේ  බැවින් නඩුව අද (27) දක්වා කල් තැබුණා.

ඒ අනුව මෙම නඩුව අද කැඳවීමට නියමිතයි.

පසුගිය නඩු දිනයේදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතීඥ තිෂ්‍ය වේරගොඩ ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියා.

මින් පෙර පාස්කු ප්‍රහාරයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කළ පැමිණිල්ලකට අදාළ විමර්ශනයට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන දිගින් දිගටම බාධා කරන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊට අදාළ ප්‍රගතිය වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමරුම් විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දී තිබුණා.

ඒ අනුව විමර්ශනයේ  ප්‍රගතිය  අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා මීඩියා එල් කේ යූටියුබ් නාලිකාව හරහා විමර්ශනයට දිගින් දිගටම බලපෑම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබුණා.

ජනමාධ්‍යවේදියාගේ වාර්තාකිරීම් නිසා විමර්ශනයට දැඩි හානියක් හා විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාළව ගන්නා  ක්‍රියාමාර්ග ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුම් දුන්නා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත්ත මහතා වෙනුවෙන් (අගතියට පත් පාර්ශ්වය ලෙස) අධිකරණයේ පෙනී සිටි නීතීඥ සංජය ගමගේද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වීමට  අවසර  ඉල්ලා සිටියා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වන තරිඳු ජයවර්ධන මහතා 2019 අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහරය ගැන එම වසරේ සිටම දිගින් දිගටම කරුණු අනාවරණය කළා.
https://www.news19.lk/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article