Friday, November 1, 2024

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන යටවෙයි.

Must read

ඊයේ (23) බදාදා රාත්‍රියේ සිට බ්‍රහස්පතින්දා (24) උදෑසන දක්වා අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. විශේෂයෙන්ම මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශාන්තිපුරම්, චෞදර්, ඊග්ලතුර් සහ මුර්වීඩි ඇතුළු ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇත.
එමෙන්ම එල්ලවුර් ප්‍රදේශයේ පවුල් 30කගේ නිවෙස්වලට ජලය කාන්දුවීම හේතුවෙන් මේ වනවිට පවුල් තිහක් එල්ලවුර් පාසල වෙත යොමුකර තිබේ.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර ගැලීම සඳහා ගම්මාන කටයුතුවල නිරත වෙමින් සිටිති. එමෙන්ම නිවාස රැසකට ගංවතුර ජලය ඇතුළු වී තිබෙනවා.  මන්නාරම ප්‍රාදේශීය ලේකම් එම්.ප්‍රදීප් මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් කඩිනම් පියවර ගනිමින් සිටිති.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article