Friday, October 18, 2024

කරයිතුරපත්තු ප්‍රාදේශීය සංස්කෘතික උත්සවයේදී කලාකරුවන් ඇගයෙයි

Must read

 

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිප්පු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශිය සභාව සහ කරෙයිතුරෙයිපත්තු සංස්කෘතික සභාව එක්ව සංවිධානය කළ “ප්‍රාදේශීය සංස්කෘතික උත්සවය” – 2024 අද (01) විශේෂ ආකාරයෙන් පැවැත්විණි.

කරයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් එම්.උමාමාල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මුලතිව් නගර වටය අසල සිට දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනවලින් අමුත්තන් කරයිතුරෙයිපත්තු  ප්‍රාදේශීය සභා සංස්කෘතික ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබීය.

කලාවේ නියැළුණු තරුණ කලාකරුවන් රැසකට උපහාර පිරිනැමුණු අතර කලාවේ නියැළුණු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිප දෙනෙකුට මුල්ලෙයි පෙරෝලි සම්මානයෙන් පිදුම් ලැබිණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article