Wednesday, October 16, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පවුල් වලට සහන සැලසේ

Must read

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 20,553ක් ආපදාවට  ලක්ව ඇති බවත්, අවතැන් වී සිටින පවුල් සදහා පිසූ ආහාර  ලබා දීම සහ අනෙක්තු සහන සැලසීම,  අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරීන් මගින් සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණය  හේතුවෙන් ඇති වූ  ගංවතුර තත්ත්වය නිසා ඊයේ(13) පස්වරු 4.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ  පවුල්  20,553ක පුද්ගලයන් 82,839 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ අනුව දොම්පෙ , අත්තනගල්ල , මිනුවන්ගොඩ , මීරිගම , බියගම , දිවුලපිටිය , වත්තල , මහර , කැලණිය , කටාන , ජාඇල  හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 261 පුද්ගලයන් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටිති .

මේ වන විට පූර්ණ හානි කිසිවක් වාර්තා වී නොමැති අතර අර්ධ හානි 41ක්  වාර්තා වී ඇත. දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් සංඛ්‍යාව  446කි. එම  පවුල්වල සාමාජිකයන් 1,478 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන 18ක රැකවරණය සලසා තිබේ .

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article