Wednesday, October 16, 2024

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම වෙනුවෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට නියම කළ වන්දිය ගෙවයි

Must read

 

 

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට නියමකර තිබු රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කර තිබේ. මෙම වන්දිය ඔහුට ගෙවීමට සිදුවූයේ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම හේතුකොටගෙනය.

අධිකරණයෙන් නියම කර තිබූ වන්දි මුදල් නොගෙවීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පවරා තිබු නඩුව විභාග කිරීමට මීට පෙර අවස්ථාවක තීරණය කර ඇති පසුබිමක වන්දි මුදල් ගෙවීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතා අධිකරණයෙන් සමාව අයැදීම සැළකිල්ලට ගනිමින් පෙත්සම් විභාගය අවසන් කිරීමට සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.

තොරතුරු – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article