1987 විතර මගේ සගයකු සමග දෙනියායේ පල්ලියට ගියා දෙනියාය ඇන්ග්ලිකන් පල්ලියේ අය හමුවිම තමයි අරමුන, වතු අධීරාජ්‍යයේ විශාල බලයක් ඇන්ග්ලිකන් පල්ලියට තිබුනා.
මම හිතුවට වඩා වෙනස් කතාවක් එතන තිබුනේ මාතර ඉඳලා අකුරැස්සට හරහා දෙනියායට බස් එකෙන් බැස්සේ බෙවර්ලි එස්ටේට් එකට යන පාර ලඟ. ඒ අය එකට කියන්නේ බෙවරලිය කියලා. පාරක් කිව්වට එතන පාරක් තිබුනේ නැ .
තනිකරම ගල් පැදුනු ගල් උඩින් යන්න තියන දිග අවකාශයට පාර කියල කියන්නත් පුලුවන්. කන්ද නගින එක එදා ඉතා වෙහෙසකර එකක්. කොලඹ මම ඒතරම් දුර ඇවිදල පුරුදු නැ. අපි බයිසිකල්කාරයෝ. ඇවිදින අය නෙමේ. කැලැව හෝ තේ වත්ත පමනයි දෙපැත්තේ වත්තේ දලු ලොරිය එක පාරක් උඩට යනව ඒකත් ශුවර් නැ.
එක පාරටම පාර කියන එක වෙනම හැඩයක් ගත්ත එක පැත්තක පාතාලයක් වගේ අනෙක් පැත්ත තේ වත්ත එක ලොකු පාතාලයක් ඒ පාතාලයේ පතුලේ ලස්සන ගඟක් ගලනවා තව දුරක් යන කොට පාතාලයේ අනෙක් පැත්ත හා අපි ඉන්න පැත්ත වනාන්තර දෙකක් වගේ මැද්දේ පහලටම වෙන්න ගඟ.
ඇතට පෙන්නේ විශාල බැවුම් මැද ගලන ගඟ පයින් ගස් හා තවත් ලස්සන ගස් ඒ මැද්දෙන් ගලන ගඟ ග්රැන්ඩ් කැනියන් දැකල නැති උනත් ලංකාවේ එක වගේ කියල හිතුනා. පහලටම ගියාම පාලමක් තියනවා එතැනින් එගොඩ උනාම පල්ලිය .
දැන් ඒ පාර හැතැක්ම 8ක් විතර අපි ගිය පාර දැන් කාපට් කරලා. ඒත් ඒ ලස්සනම දසුන් මහන්සිය අමතක කලා , අද ඒ පැත්තේ හොටල් කිපයක් හැදිලා සීතල මිදුම හා පින්න එක්ක දවසක් ගත කරන්න හොඳ තැනක්. මේ මැද්දෙන් ගලන ගඟ එන්නේ සිංහරාජේ ඉඳලා , ඇත තියෙන්නේ සිංහරාජේ මෙදේරිපිටිය දොඹගොඩ පැත්ත .
ඔය කාලේට පස්සේ අවුරුදු 10 කට විතර පස්සේ මම හිටියා ඌරුබොක්කේ කාලයක් . මහපාරේ සංචාර අකමැති මම දුර පාරෙන් යන්න හිතුවා කොලඹට, දෙනියායෙන් මාතරට හෝ ගාල්ලට ලේසි උනත් මම ආවේ දෙනියාය රක්වාන පාරේ
මෝනිං සයිඩ් හරහා බුත්කන්ද සුරිය කන්ද එහෙම පහු කරලා රක්වානේ 10 වංගුව පහු කරලා ලංකාවේ ලස්සනම පාරක. රක්වානෙන් රත්නපුරේට එතැනින් පානදුරේට 67 යි. දුරමත් නැ දුශ්කර ගමනක් ඒ කාලේ හැටියට තවමත් පාර එතරම් හොඳම නැ හදනවලු ඒත් පාරේ ලස්සන තියේවීද. මෝනිං සයිඩ් හරියෙන් යන කොට මට නකල්ස් පැත්තේ යනවා වගේ හිතුනා.
තේවතු පයින් ගස් උඩරට කඳුකරය පහලට ගෙනැල්ල.
තවත් පාරක් තියනවා ලස්සනම එකක් ඌරුබොක්කේ සිට කැල්ල හරහා පනාමුරේ හා ඇඹිලිපිටියට. ඇත්තටම මම ගිහිල්ල නැ. තාමත් යන්න ආසවෙන් ඉන්නවා. මම ඌරුබොක්කේ හිටිය කාලේ ගින්නලිය සිට කැල්ලට යන්න තිබුනේ ලොරි බස්. ඒවා අමුතුම ගමන්.
බුත් කන්ද හා සුරිය කන්ද අපේ අතීතය වලලගෙන ඉන්නවා , ඇතින් ගොංගල පේනවා . මම හිටපු ඌරුබොක්කේ ගෙදරට උදේට වලි කුකුලෝ එනවා දොරකඩටම වල් බලලුත් හිටියා ,
තේවතු තමයි අවට දෙමල මිනිසුන්ගේ ජීවිත වතුකරයටත් වඩා අසාර්ථකයි . සිංහල මිනිසුන්ට කියලත් ලොකු දෙයක් තිබුනේ නැ තේ ආර්ථිකය එනකම් , කිතුල් පැනි හදන පැති . ගැටබරු කන්දේ දේවාලය බලන්න යන්න බැරි උනා රම්මලේ කන්ද බලන්න ලස්සනයි කැලේ හිටපු වලගම්බා රජුගේ අඩවි.
දියදාව සිංහරාජේම කොටසක් දැන් ගොඩක් අය පැට්නා යනවා පැට්නා කියන්නේ වත්තක කොටසක් ලිස්සල යන්න පුලුවන්ලු ගල් උඩ .
සිංහරාජේ එක දොරටුවක් දෙනියායේ තියෙන්නේ ඒ පාර ලස්සනයි කියලයි මට හිතෙන්නේ. තාමත් ආස යන්න ලස්සනම ගමනක් ටිකක් වෙලා අරගෙන ගමේ හෝ හොටල් වල නැවතිලා හිමිට ඇවිදින්න ,
මෝනිං සයිඩ් නවතින්න පුලුවන් හෝටල් තියනවලු. ටිකක් සිතලයි ඒ පැත්ත. නුවර එලිය වගේ නෙමෙයි වෙනම කතාවක්
ඔය දුශ්කර ජිවිතය ගෙව්වේ වතු කම්කරුවෝ එගොලන්නට සමහර පැති වල දෙමලෙන් ඉගෙන ගන්න පාසල් නැ. එහෙ ගැමි කැම රහයි , කීරම ඔය හරස් කරල තියන වේල්ල හරිම ලස්සනයි. කිරම ඔයත් කාලේකට ගලනවා ගෙවල් යට කරගෙන , ඌරුබොක්ක මුලටියන පාරත් හරිම ලස්සන එකක්. කටුවන බල කොටුව බලන්නත් යන්න
මේ පහල පිංතූරය බෙවරලිය වත්තේ ඒ පේන ලස්සන දර්ශනය.
ලක්ෂාන් ඩයස්