මඩකලපුව, වාකරෙයි මාංකේනි ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් 08 වනදා හමුවි ඇති අතර, ඔහුගේ සහෝදරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇති පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා සෙබළෙකු බවද වාකරේ පොලීස් වාර්තා සදහන් කරයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මඩකලපුව, පුනානි ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.ටී.අනුර ජයලාල් (65) නමැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
මියගිය පුද්ගලයා සහ ඔහුගේ සොහොයුරිය පසුගිය 05 වැනිදා මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි පූජකවරුන් සමඟ කේෂිකුඩා, මාංකෙනි ප්‍රදේශයේ පෞද්ගලික පුද්ගලයෙකුට අයත් ඉඩමක නැවතී නිදන් වස්තු ලබාගැනීමේ නිරතව සිට ඇත.
බ්‍රහස්පතින්දා (7) උදෑසන මියගිය අයගේ සොහොයුරිය වන එස්.ඩී.සුමිතිරා ජරාංගනී කැපුම් තුවාල සහිතව සිටියදී කැලෑව අසලදී බේරාගෙන වාගරෙයි රෝහලටත් එතැනින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව පෝධාන රෝහලටත් යවා ඇත.
එම සිද්ධියට සම්බන්ධ ඉඩමේ භාරකරුවන් වන පූජකවරුන් සැඟවී සිටිති.
ඉඩම තුළ පිහිටි නිවස ආසන්නයේ තිබී බේසමක් කැපීමේ සලකුණු සහ නිදන් වස්තු ලබාගැනීමට අවශ්‍ය පූජනීය වස්තු ද සොයාගත් බවයි පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වාකරේ පොලිසිය කඩිනමින් විමර්ශන සිදු කර ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
කේ.රුද්‍රා