CPJ නිකුත් කළ නවතම ගණනය කිරීම් අනුව, ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් ඇවිලුණු ගාසා තිරයේ ගැටුම්වලින් පලස්තීන මාධ්‍යවේදීන් 26ක්, ඊශ්‍රායල් මාධ්‍යවේදීන් 4ක් සහ ලෙබනන් මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාධ්‍යවේදීන් 8 දෙනකු තුවාල ලබා ඇති අතර තවත් මාධ්‍යවේදීන් 9 දෙනකු අතුරුදහන් හෝ සිර අඩස්සියේ තබා ඇතැයි සැලකේ.
“ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාර… විනාශකාරී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, සන්නිවේදන බාධා සහ විදුලිය ඇනහිටීම් හමුවේ ගාසා තිරයේ සිට ගැටුම් වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් අතිශය අවධානම් තත්වයකට මුහුණ දෙනවා,” යනුවෙන් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සඳුදා (30) දින නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
CPJ නිවේදනයට අනුව, ප්‍රමුඛ පෙලේ පලස්තීන සිනමාකරුවෙක් වන රෝශිඩ් සාරාජ්, ලෙබනන් දේශසීමාව ආසන්නයේ සිටිය දී ඊශ්‍රායල් දෙසින් පැමිණි ෂෙල් වෙඩි ප්‍රහාරයකින් දිවි අහිමි වූ රොයිටර් පුවත් සේවයේ බේරුට් හි කැමරාකරුවකු වන ඉසාම් අබ්දලා ජිවිතක්ෂයට පත් අය අතර වේ.
theleader.lk