පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය කිසිවකුත් බලාපොරොත්තු නොවූවක් බව පවසන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක් එය හිටපු ජනාධිපතිවරයාට උරුම වූවක් බව කියා සිටී.
යහපාලන රජය පිහිටුවීමට මුල් වී කටයුතු කළ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිට්‍රෝ ප්‍රනාන්දු ඒ බව සඳහන් කළේ පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහනය සම්බන්ධයෙන් ගගන වෙත අදහස් දක්වමිනි.
“මොකද ඔහු පහුගිය කාලෙම තමන්ගේ ව්‍යාපාරයේ වැරදි මත ඉඳිමින් හරි, බොරු කියමින් හරි, තමුන්ගේ ඒ උවමනාව වෙනුවෙන් කැපවී මැදිහත් උනා.”
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සටන් පාඨ උදුරා ගැනීමට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළ බව ට චෝදනා කළ අතුරුදහන්වුවන්ගේ දෙමාපිය එකමුතුවේ කැදවුම්කරු පවසා සිටියේ “අද ජනාධිපති තේරුම් ගත යුතුයි මහින්දගේ සටන් පාඨ තුළ දකුනේ ජාතිවාදයට නායකත්වය දෙන්න මෛත්‍රීපාලට බැරි” බව යි.
ආපසු හැරෙන්
ජනතාව වෙත ලබාදුන් පොරොන්දු දැන්වත් ඉටුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටි ඔහු තවදුරටත් අවධාරණය කළේ රටේ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි තබා තිබු විශ්වාසය ජනාධිපතිවරයා විසින්ම පලුදු කර ගැනීම නිසා ඔහුට මෙවැනි පරාජයක් අත් වු බවයි.
නැවත හැරීමට සුදානම් නම් වත්මන් ආණ්ඩුවට තව දුරටත් ඉදිරියට ගමන් කළ හැකි බව පවසන ඔහු පෙන්වා දෙන්නේ නොඑසේනම් 2015 ජනවාරි 8 ජයග්‍රහනයට සහාය ලබා දුන් සියලු පිරිස් විනාශ මුඛයට ඇද දමමින් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ගමන් කළ හැකි බවයි.
www.gagana.com