දමිල ජන අයිතින් වෙනුවෙන් ඉල්ලිම් ගණනාවක් ඉදිරිපත් කරමින් මිට වසර 36 ක ඉහත උපවාස කොට මිය ගිය තිලිපන්ගේ පිළිරුව රැගත් රථ පෙරහැරක් යාපනයේ නල්ලුර් දක්වා යාමට ගමන් අරභා තිබුනේ පසුගිය 15 වෙනිද පොතුවිල් නගරයෙනි.
මෙම රථ පෙරහැර අක්කරෙයිපත්තු නගරයේ නතර කරන ලද අවස්ථාවේදි සිංහ ධජ රැගත් පිරිසක් පැමිණ විවිධ බාධා කිරිම් සිදුකරන ලද බව ප්‍රාදේශිය මාධ්‍යවේදිහු සදහන් කර සිටිති.
මෙම රථ පෙරහැර අද දිනයේ ත්‍රිකුණාමලය නගරය පසුකරමින් සිටින අතරේ යළිත් වරක් සිංහ ධජ ඇතැතිව පැමිණි ජාතිවාදින් පිරිසක් මෙම පිළිරුවට මෙන්ම රථයවලට පහර දි තිබුණි.
එමෙන්ම මෙහි ගමන් ගත් යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්රාජ ගජේන්ද්‍රන් හට ඉතාමත් ම්ලේච්ජ ලෙස පොලුවලින් සහ හෙල්මට් වලින් පහර දි තිබුනේ පොලිස් නිළධාරින් දෙදෙනෙකුද එහි සිටින විටදිය.
කෙසේ වෙතත් එතන සිටි සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු මන්ත්‍රිවරයා ආරක්ෂා කිරිමට මහත් වෙහෙසක් ගන්නා ආකාරය පැහැදිලි වුවද පොලිස් නිලධාරින් දෙදෙනා මේ පහර දිම වලකා ලිමට කටයුතු කළ බවක් පැහැදිලි නැත
පොලිසිය සිටියදිම මහජන නියෝජිතයෙකුට මහපාර මැදදි ප්‍රහාරයක් එල්ල වන්නේ නම් මේ රටේ සාමය රකින්නේ කව්ද ?