Sunday, September 22, 2024

මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිකමෙන් ඉවත් වෙන්නැයි, දැඩි බලපෑමක්.

Must read

 

පළාත්පාලන මැතිවරයෙන් දැවැන්තම පරාජය අත්පත් කරගත් ජනාධිපති සිරිසේන නම්බු පිටින් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට ශ්‍රිලනිපයේ මැති ඇමැතිවරු ගනනාවක් ඒකාබද්ධ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ශ්‍රීලනිප ආර්ංචි මාර්ග පවසයි.

මේ වන විට සිරිසේන මහතා පක්ෂයේ කිසිවකුගේ මතයක් නොවිමසා. කිලී මහරාජා සහ ගොබ්බ් උපදේශකයන් කිහිපදෙනෙකුගේ කීම් බහට කටයුතු කිරීම නිසා ශ්‍රීලනීපය විනාශ වූ බවත්. තව දුරටත් එසේ සිදුවීම වලක්වා ගැනීමට නම් කොන්ද පණ ඇති. දේශපාලන දැනුම් තේරුම් කමක් ඇති නායකයකු ශ්‍රීලනීපයට අවශ්‍ය බවත් මෙම පිරිසේ මතය වී ඇත.

අවම වශයෙන් එජාපය හා ගෙන ගිය හවුල් ආණ්ඩුව එම සම්මුතිය යටතේ පවත්වාගෙන යෑමට හො සිරිසේන මහතාගේ හිතුවක්කාර මෝඩ තීරණ නිසා නොහැකි වූ බවත් එයට හේතුව දේශපාලනය ගැන ප්‍රායෝගික දැනුමක් ඔහුට නොමැති වීම නිසා බවද එම පිරිස් හේතු සාදක ඇතිව පෙන්වා දෙයි.

මේ වන විට කිලී මහරාජාගේ උපදෙස් අනුව එජාපයට වෙනම ආණ්ඩුවක් පිහි‍ටුවීමට සිරිසේන මහතා එජාපයට දැනුම් දී ඇති අතර කිලී මහරාජා විසින් එජාපය තුල ඇති කර තිබෙන නායකත්වය කැ‍රැල්ල දඩමීමා කරගෙන රනිල් අගමැතිධුරයෙන් ඉවත් විය යුතු බවටත් සිරිසේන විසින් එජාපයට දැනුම් දී තිබේ.

තමන් ලැබූ දැවැන්ත පරාජය අනුව මුලින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එම ආදර්ශය ලබා දී එජාපයේ අර්බුදය විසඳිමට ගියා නම් සිරිසේන කොන්ද පණ ඇති නායකයකු ලෙස තමන්ටත් සැලකීමට ඉඩ තිබුනු බවත් මෙම ශ්‍රිලනීප මැති ඇමැති පිරිස පෙන්වා දෙයි.
www.lankadaily .com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article