Tuesday, November 5, 2024

පලාලි හි නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් ‘රකාමා’ සංවිධානයෙන් ක්ෂේත්‍ර සංචාරයක්

Must read

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලික කඳවුරුවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර යාපනය පලාලි ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ පහසුකම් සඳහා අක්කර 108ක ඉඩම් ප්‍රමාණයක් පසුගිය මස 03 වැනිදා නිදහස් කර ඇත.

මෙම තත්ත්වය තුළ මුදාගත් පලාලි ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීම සහ තාවකාලික නිවාස ව්‍යාපෘති ලබාදීමේ හැකියාව සොයා බැලීම සඳහා  රකාමා සමාගම සහ පෝරූට් සංවිධානය සංවිධානය පසුගිය 14 වනදා සවස ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

තාවකාලික සුබසාධන කඳවුරුවල රැඳී සිටින ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කිරීම සහ නැවත පදිංචි වූ ජනතාවට ජීවනෝපාය සහ රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව මූලික පහසුකම් සහ ජීවනෝපාය ආධාර සිදුකිරීමේ අධීක්ෂණ චාරිකාවක් ලෙස මෙම සංචාරය සංවිධානය කර තිබුණි.

 

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article