Friday, September 20, 2024

දකුණේ ”වමට” දැවැත්ත අභියෝගයක් !උතුරේත් පිඩිතයන් වෙනුවෙන් අරගල කරන පක්ෂයක් ලංකාවේ නෑ !

Must read

සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ පුජක දිවියට වසර 50 ක් නිමිති කරගෙන පසුගිය 11 වෙනිදා මිගමුව මාරිස්ටෙලා විදුහලේ ගෘහස්ත ක්‍රිඩාගාරයේදි පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්ව ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමන්ගේ අදහස් දැක්විමේදි දකුණේ වමට දැවැන්ත අභියෝගයක් එල්ල කරන්නට යෙදුණි,

පියතුමන්ගේ මෙහිදි අවධාරණය කර සිටියේ උතුරේත් දකුනේත් පිඩතයන්ගේ අරගල ඒකාබද්ධ කරමින් කටයුතු කරන වමද ඇතුළුව කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ දැනට නොමැති බව කියා සිටියේය.

දකුනේ වමට ෂෙරාඩ් පියතුමන් විසින් මේ කරන ලද අභියෝගය ඉතා පැහැදිලිය එමෙන්ම ඉතා නිවරදිය

ත්‍රස්තවාදය වැලැක්විම් පණත යටතේ සිංහල ක්‍රියාකාරින් සිරගත කොට තිබියදි දකුනේ සිදුකරන ලද විරෝධතාවලදි දමිල සිරකරුවන් ඉතා පැහැදැලි ලෙසින් අමතක කළ අයුරු සැබැවින් ලැජ්ජා සහගතය

මඩකලපුවට ගොස් පැවැති විරෝධතා වලදි පවා සිංහල බැනර්වල සටහන් කර තිබුනේ ත්‍රස්ත පණත යටතේ සිරගතව සිටින සිංහල සිරකරුවන් ගැන පමණි.

දකුණේ වමේ ඇති දේශපාලනයට ඇති දැවැන්තම දේශපාලන අභියෝගය මෙය වන අතර එහෙත් මේ සියලු පක්ෂ දකුණේ බහුතර ජනප්‍රිය දේශපාලන ගැන පමණක් සිතමින් දමිළ බස කථාකරන ජනයාගේ ප්‍රශ්ණයට වෙට්ටු දමමින් සිටිති.

එපමණක් නොව මෙම පක්ෂවල ට එක්ව සිටින ඇතැම් සිවිල් සමාජ නායකයන්ද අද දේශපාලන බහුබුත මතවාදයන් සමාජ ගත කරන්නට පටන් ගෙනය.

රනිල් සමගින් ඇති ආරෝව බලය බෙදිමට එරෙහිව පවා ඉදිරියට ගෙන එමින් සිය දේශපාලන භාවිතාවන් රනිල් විරෝධයේ ගානට කපාගෙන සිටිති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article