Monday, September 14, 2026
spot_img

ශ්‍රී ලංකා කාන්තා පිළ දෙවන ජයත් වාර්තා කරයි

Must read

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 තරඟාවලියේ දෙවන ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (12) සමත් විය. ඒ බංගලාදේශය කඩුළු 7කින් පරාජය කරමිනි.

මුලින්ම පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 126ක් ලබාගනිමින් ලකුණු 127ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි.

ඉන්පසු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රහීව එම ඉලක්කය පසු කිරීමට සමත් විය.

එහිදී පන්දුවෙන් දක්ෂතා දැක්වූ ඕෂධී රණසිංහ කඩුළු 3ක් හා චමරි අතපත්තු කඩුළු 2ක් දවාගැනීමට සමත් වූ අතර හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂිද සිල්වා පිළිවෙලින් ලකුණු 69ක් 41ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව ජයග්‍රාහී ඉලක්කය වෙත ගෙන යෑමට සමත් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article