නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සමගි ජන බලවේගය පක්ෂය අද (9) වර්ජනය කර තිබුන අතර ජාතික ජන බලවේගය අද ඊට එක්වන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ඊයේ විවාදයට තම මන්ත්රීවරුන්ට සහභාගිවීමට නොහැකි වුවත් අද දිනයේ විවාදයට සහභාගිවන බවයි.
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය හෙට (10) දිනයේත් පැවැත්වේ.විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ විවාදයේදී අදහස් දැක්වූහ.
රටේ ඉදිරියට සංවර්ධන උපාය මාර්ගයන්ට අදාල ප්රමුඛතා සංවාදයට ගැනෙන විවාදය සජබ විසින් මඟහැරිම ඔවුන්ගේ ග්රෝත්රිකත්වයේ තරම මානවට කියා පාන කරුණක් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්රකට සමාජ ක්රියාකාරිකයෙකු පවසා සිටියේය.
දින 2 ක් පුරා පැවැත්වෙන මෙම විවාදයට ප්රධාන විපක්ෂය ලෙස සජබ නොයෑම පිළිබද මේ වන විට ඔවුන්ගේ සමාජිකයන් අතරේ පවා විවේචනයක් මතුව ඇතැයි සැලය