Monday, September 23, 2024

ඉන්දියන් බීඩි තොගයක් අත්අඩංගුවට !

Must read

Indian Beedi

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් රැගෙන විත් අලෙවි කරමින් තිබු රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා බීඩි තොගයක් හා සැකකාර ව්‍යාපාරිකයන් දෙදෙනක් වවුනියාව සුරාබදු නිලධාරින විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.

නිති විරෝධී අයුරින් රැගෙන එන ලද බීඩි තොගයක් වවුනියාවේ වෙළඳසැල් දෙකක අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලිමකදි සැකකරුවන් සමග ඉන්දියානු බීඩි තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවු බව බවසන සුරාබදු නිලධාරින් සැකකරුවන් විසින් මෙම බීඩි තොගය මෙරට බිඩි නිෂ්පාදනකනාමය යොදාගෙන අලෙවිකිරීම සිදුකර ඇතැයිද විමර්ෂන වලදි අනාවරණය වී ඇත.

ඉන්දියාවේ සිට උතුරු මුහුදු තීරය හරහා ධීවර බොට්ටු මගින් මේවා මෙරටට රැගෙනවිත් ඇතැයිද මෙම බීඩි ජාවාරම දිගු කලක සිට සිදුකරගෙන ගොස් ඇතැයිද පවසන සුරාබදු නිලධාරින් සැකකරුවන් වයස අවුරුදු 37 හා 48 වයස්කරුවන් බවද සඳහන් කරයි.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර උතුරු පළාත් සුරාබදු අධිකාරි එස්.සෙන්දුර්සෙල්වම් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කෙරේ.

* ඡායාරූප – බන්දුල සෙනවිරත්න
dinamina

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article