දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට ස්ථීර විසඳුම සඳහා දෙමළ ජාතිකත්වයට ආදරය කරන සියලුම පක්ෂ සහ සංවිධාන එක්වන ලෙස ඉල්ලා හිටපු සටන්කාමී වේළුපිල්ලේ මාධවමේජර් විසින් පුදුකුඩිරිරු ප්රදේශයේදී ආරම්භ කළ උපවාසය දෙවන දිනයට ලගාවි තිබේ.
මෙම උපවාසයේ නිරතවන ක්රියාධරයාගේ මව සහ සහෝදරියන් ඉල්ලා සිටින්නේ තම පුතාගේ ඉල්ලීම සාධාරණ බවත් අපට පාඩු රැසක් සිදුවුවද තවත් පාඩුවක් සිදුකිරීමට නොහැකි බවත්ය.මේ අතර මහජනතාව රැසක් විරෝධතාවයට සහය පළ කරන අතර පාර්ලිමේන්තු මන්ත්රී විනෝගරාතලිංගම් මහතා ඇතුළු දේශපාලන නායකයින්ද සහභාගී වී ඇත.